slc
Home   |    News
මාර්තු 11, 2020
එංගලන්තයට එරෙහි සිව්දින සටනට ජයසූරියව කැඳවයි

Sri Lanka Cricket

By Chamila Karawita

වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය පිළිබඳව විශ්වාසය තබා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (12 දා) ආරම්භ වන සිව් දින නිල පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 2 කට ක්‍රීඩා කර තිබෙන  28 හැවිරිදි ප්‍රභාත් දකුණු අප්‍රිකාවට එරෙහිව දඹුල්ලේ පැවැති තරගයේදී එක්දින වරම් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින ලසිත් ඇඹුල්දෙණියට ආවරණ ක්‍රීඩකයකු ලෙසින් ප්‍රභාත්ව යොදා ගැනීම තේරීම් කමිටුවේ ප්‍රධානම අභිප්‍රාය වී තිබේ.

මීට අමතරව පැතුම් නිස්සංක පිතිකරණ අංශයෙන්ද, අසිත ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාස් වේග පන්දු යවන්නන් වශයෙන්ද හෙටින් ආරම්භ වන තරගයේදී තේරීම් කමිටුවේ ඇස ගැටී තිබෙන ක්‍රීඩකයින් බවට පත්ව සිටිති. මොවුන් සිව් දෙනාට අමතරව දේශීය සමාජ තරගාවලියේ පළමු තරගයේදීම ත්‍රිත්ව ශතකයක් ලබා ගත් රමේෂ් මෙන්ඩිස් පිළිබඳවද තේරීම් කමිටුව අවධානය යොමු කර තිබේ.

ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායමට භානුක රාජපක්ෂ ඇතුළත්ව තිබුණද ආබාධයක් හේතුවෙන් හෙට තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිව තිබේ. පාදයේ ඉඟටිය ප්‍රදේශයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වයක් මත ගතවූ සති අන්තයේ පැවැති දේශීය සමාජ තරගාවලියේදී භානුක පිතිකරණයේ යෙදුණත් පන්දු රැකීමෙන් වැළකී සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම – ළහිරු තිරිමාන්න (නායක), පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ජයසූරිය, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, නිසල තාරක, අෂේන් බණ්ඩාර, කවිඳු නදීෂාන් සහ භානුක රාජපක්ෂ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest