slc
Home   |    News
මාර්තු 7, 2020
එංගලන්ත පෙරහුරුව 316 න් නවතියි

sinhala editor

Chamila Karawita reporting from Katunayake

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට ප්‍රථම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට හිමි පළමු නිල නොවන තුන් දින පුහුණු තරගයේදී පළමු දිනය ඇතුළත සංචාරකයින්ගේ පළමු ඉනිම ලකුණු 316 කට සීමා කිරීමට ළහිරු සමරකෝන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පන්දු යවන්නෝ අද (07 දා) සමත්වූහ.

හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කරන ලද තරගයේ මුල් පිතිකරුවන් 7 දෙනා පන්දුවට පහර දුන් පිළිවෙළටම මෙම තරගයේදීත් පන්දුවට පහර දුන්හ. ඒ අතරින් කැපී පෙනුණු නායක ජෝ රූට් සහ ජොස් බට්ලර් අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම දිනයේ කැපී පෙනුණි.

බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන ළහිරු සමරකෝන් දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා බවට පත් වෙමින් ලකුණු 63 කට කඩුලු 3 ක් දවා ගත්තේය. දකුණතින් වේග පන්දු යවන ළහිරු සංචාරකයින්ගේ අවසන් පිතිකරුවා වූ ක්‍රිස් වෝක්ස්ව (00) දවා ගැනීමට ප්‍රථම ආරම්භක පිතිකරු සැක් ක්‍රෝව්ලි සහ ජොස් බට්ලර්ගේ කඩුලු දවාගැනීමට සමත්වූවේය.

සැක් ක්‍රෝව්ලි සහ ඩොබ් සිබ්ලි එක්ව ඉනිම ආරම්භ කරන ලද මෙම තරගයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද සම්බන්ධතාව 52 දී බිඳ හෙළන ලද්දේ නවක පන්දු යවන්නකු වන කවිෂ්ක අංජුල විසිනි. කඩුල්ල මුවා කිරීමේ වරදට සිබ්ලිව දවා ගැනීමට කණිෂ්ක සමත් වද්දී මුලු ලකුණු සංඛ්‍යාව 69 ක්ව තිබියදී සෙසු ආරම්භක පිතිකරුවා ව දවා ගැනීමට ළහිරු සමරකෝන් සමත්විය.

තෙවැනි කඩුල්ලට එක්වූ ජෝ රූට් සහ ජෝ ඩෙන්ලි තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක් එක් කරමින් සිටියදී නිසල තාරක විසින් ඩෙන්ලිව ලකුණු 32 කට දවා ගත්තේය. එතැන් පටන් ලකුණු පුවරුවට ලකුණු 18 ක් එක් වන අතර වාරයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු 3 ක් දැවී යෑම තරගය තරමක් මන්දගාමී ස්වරූපයක් එක් කරවන සිදුවීමක් බවට පත්විය. දැවී ගිය පිතිකරුවන් තිදෙනා අතරට එංගලන්ත කණ්ඩායම සතු ප්‍රබලම තුන් ඉරියව් ක්‍රීඩකයා වන බෙන් ස්ටෝක්ස් (03) ගේ කඩුල්ලද ඇතුළත්ව තිබීම ශ්‍රී ලංකා කඳවුරට කිසියම් උද්දීපනයක් එක් කරවන සිදුවීමක් බවට පත්විය.

සමස්ථයක් ගත් විට එංගලන්ත පිලට අභියෝගයක් වෙමින් පන්දු යැවූ කවිෂ්ක අංජුල ඔහුගේ දෙවැනි කඩුල්ල ලෙසින් නායක ජෝ රූට්වද දවා ගත්තේද සිබ්ලිව දවා ගත් අන්දමේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගනිමිනි. මුහුණ දුන් 93 වැනි පන්දුවේදී  එංගලන්ත නායකයාගේ ඉනිම ලකුණු 78 කදී අවසන් වන විට අලංකාර ඩ්‍රයිව් පහර 9 කින් සිය ඉනිම සරසාගෙන සිටියේය.

සෙසු අර්ධ ශතක ලාභියා වූ ජෝස් බට්ලර් ඉනිමේ 9 වැනි පිතිකරුවා ලෙසින් දැවී ගියේය. පන්දු 159 ක් පුරා විහිදුණු බට්ලර්ගේ ලකුණු 79 ක ඉනිම සඳහා හතරේ පහර 5 ක් සහ ඉනිමේ වාර්තා වුණු එකම හයේ පහර ඇතුළත් කර ගත්තේය.

හෙට තරගයේ දෙවැනි දිනය වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI දිනය ආරම්භයේ පන්දුවට පහර දීමට නියමිතය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest