slc
logo
Home   |    News
මාර්තු 6, 2020
කොදෙව්වෝ එක්දින තරගාවලි පරාජයේ වාඩුව ගනිති

sinhala editor

එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත් වුවද තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිම අවස්ථාවක් ලබා නොදුන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ  අද (06 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලි පරාජයේ වාඩුව ලබා ගත්හ. පළමු තරගයද ජයගත් කොදෙව්වෝ විස්සයි-20 තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කළහ.

පල්ලකැලේදී පැවැත් මෙම තරගයේදී තිසර පෙරේරා සහ දසුන් ශානක එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී රැස් කරන ලද ලකුණු 46 ක සම්බන්ධතාවය නිසා ලකුණු 156 ක ඉලක්කයක් කොදෙව් කණ්ඩායම හමුවේ තැබීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබුණත් පළමු තරගයේ පරිදිම ඔන්ඩ්‍රෙ රසල්ගේ හයේ වරුසාවකින් සමන්විත වුණු ඉනිම හේතුවෙන් පන්දුවාර 3 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේ කඩුලු 7 ක්ද අත ඉතිරිවය.

නිවාඩු දිනයක් වූ බැවින් පල්ලකැලේ ක්‍රීඩාංගණය වෙත රැස් වුණු 25,000 කට ආසන්න ක්‍රීඩා ලෝලීන් හමුවේ ඇද හිය නොහැකි ප්‍රහාරයකට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව ලක් කළ රසල් ලකුණු 40 ක් රැස් කළේ පන්දු 14 කට පමණක් මුහුණ දෙමිනි. එකම හතරේ පහරක් හෝ ඇතුළත් නොවුණු රසල්ගේ ඉනිම පිටිය පුරා එල්ල කරන ලද දැවැන්ත හයේ පහර 6 කින් අලංකාර වී තිබිණ.

හතරේ සීමාව ආසන්නයේදී ෂෙහාන් ජයසූරිය රැක ගන්නා ලද උඩ පන්දුවත් සමඟ රොව්මන් පවෙල්ගේ ඉනිම හමාර වූයේ 13 වැනි පන්දුවාරයේදීය. එතැන් පටන් පිටියට පිවිසි රසල් ශිම්රන් හෙට්මයර් සමඟ එක්වෙමින් නොබිඳුණු ලකුණු 55 ක සම්බන්ධතාවක් පවත්වන ලද්දේ පන්දු 26 ක් පමණක් වැය කරමිනි. එහිදී හෙට්මයර්ගේ දායකත්වය පන්දු 42 කදී ලකුණු 43 කිනි.

මැතිව්ස්ගේ පන්දුවක් හමුවේ සීමන්ස් ලකුණු 09 කට දැවී ගියද සිය ප්‍රහාරාත්මක පිතිහරඹයේ නියැළුණු බ්‍රෙන්ඩන් කිං මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද 6 වැනි පන්දුවාරයේදීප පිට පිට හයේ පහර 2 ක් සමඟින් පන්දු 4 කදී ලකුණු 18 ක් එක් කරමින් කොදෙව් ලකුණු පුවරුව වේගවත් කළේය. කෙසේ වෙතත් ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කිං දැවී යන විට පන්දු 21 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමඟින් ලකුණු 43 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් දරුණු ප්‍රාරයකට ලක්වූ පන්දු යවන්නන් අතර මාලිංග ඉදිරියෙන් සිටියේය. ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 3 දී ලකුණු 46 ක් රැස් කර ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වද්දී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට මාලිංග අපොහොසත් විය.

පන්දු රකින අතරතුරදී වනිඳු හසරංග ආබාධයකට කලවයේ ආබාධයකට ගොදුරු වීම නිසා පිටියෙන් එළියට ගිය බැගින් පන්දු යවන්නකු ලෙසින් ඔහුගේ සේවය ශ්‍රී ලංකාවට අහිමි විය. ඒ අනුව අතිරේක පන්දු යවන්නන් යෙදවීමට නායකයාට සිදුවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථකම ඵල අත්කර ගන්නා ලද පන්දු යවන්නා වූයේ ඇන්ජලෝ මැතිව්ස් වන අතර හේ පන්දුවාර 4 කදී ලකුණු 26 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීය.

කොදෙව් කණ්ඩායමත් ශ්‍රී ලංකාවත් අතර පන්දුවට පහර දීමේදී දැක ගැනීමට හැකි එකම වෙනස බවට පත්වූයේ කොදෙව් පිතිකරුවන් මෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැවැන්ත පහර එල්ල කිරීමට අපොහොසත් වීමය. ඒ අතර වූ වෙනස පැහැදිළිවම අධිවේගී පන්දුවාර 6 ඇතුළතදී දැක ගත හැකි වූ අතර එම කාලයේදී ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 44 ක් ලබා ගනිද්දී කොදෙව් පිල කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යවන ලද පන්දු 120 න් පන්දු 45 කටම ලකුණු ලබා නොගත් පන්දු ලෙසින් සටහන් වුණු අතර යවන ලද ඉතිරි පන්දු 75 ටම ඇතුළත්ව තිබුණේ හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් පමණි. මෙම තත්ත්වය මත ලකුණු 150 ක ඉලක්කයක් හෝ ලබා දීම අභියෝගාත්මක තත්ත්වයක පැවැතුණත් එම තත්ත්වය පහව යන ලද්දේ දසුන් ශානක පන්දු 24 කදී ලකුණු 31 ක් සහ තිසර පෙරේරා පන්දු 13 කදී ලකුණු 21 ක් රැස් කර ගනිමින් 6 වැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 46 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූ නිසාය.

මෙම තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන් කොදෙව් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රෙ රසල් සම්මාන දිනා ගත්තේය.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee