slc
Home   |    News
මාර්තු 13, 2020
කොරෝනා වසංගතය නිසා එංගලන්තය ආපසු ගෙදර යයි

sinhala editor

By Chamila Karawita

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැති කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන බලධාරීහු අද (13 දා) තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හෙට (14 දා) නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.

අදාළ තීරණය ගනු ලබන අවස්ථාව වන විට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර වූ සිව්දින පුහුණු තරගයට කොළඹ පී. සරා ඕවල් පිටියේදී සහභාගිවෙමින් සිටියේය. කෙසේ වෙතත් තරගයේ දෙවැනි දිනයවූ අද දිනයේදී තේ පානයෙන් මින්ත්තු 40 ක පමණ කාලයකින් පසු තරග තීරක මංගල ජයසේන මහතා ඇතුළු තරග බලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තරගය තරගය නවතා සිය ක්‍රීඩකයින්ව ක්‍රීඩා ගාරය වෙත ගෙන්වා ගැනීමට එංගලන්ත කළමනාකාරීත්වය පියවර ගනු ලැබීය.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් අවධානම එතරම් නොමැති වුවද එංගලන්තය තුළ මේ වන විට එය ශීග්‍රයෙන් පැතිර යන්නක් බවට පත්ව තිබේ. ඒ අනුව සිය ක්‍රීඩකයින් මෙන්ම පුහුණු කාර්යය මණ්ඩලය මේ ව්‍යවසනකාරී තත්ත්වය තුළ තම පවුල්වල උදවිය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව එංගලන්ත ක්‍රිකට් ආයතනයට දන්වන ලදු තරගාවලිය කල් දමා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ගෙන් විමසා තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර සිටින එංගලන්ත ක්‍රිකට් ආයතනය, මෙම ගැටළුකාරී තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලබා දෙන ලද සහයෝගයට ස්තූතිය පළ කර සිටීමද විශේෂත්වයකි. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙපිළටම විවේකී කාල වකවානුවකදී පැවැත්වීමට පොරොන්දු ප්‍රකාරව නැවැත්වීමට එංගලන්ත මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන එකඟත්වයකට පැමිණ සිටිති.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest