slc
Home   |    News
මාර්තු 9, 2020
රොෂේන් – නිෂාන් – ඇන්ජලෝ ශතක වාර්තා කරති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ලන්කන් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේදී රාගම කණ්ඩායමේ රොෂේන් සිල්වා (165) සහ නිෂාන් මධුශංඛ ප්‍රනාන්දු (154) ශතක රැස්කරමින් පස්වන කඩුල්ලට ලකුණු 296ක සබදතාවයක් තබාගැනීමට සමත්වූහ.

යුද හමුදා – මුවර්ස් තරගයේදී යුද හමුදාවේ යශෝධ මෙන්ඩිස් ලකුණු 18කට කඩුලු 7ක් දවාලීමට සමත්විය. එම තරගයේදී යශෝධ තුන් ඉරියව්වේම දස්කම් පෙන්වීය.

යුද හමුදාව – මුවර්ස්

යුද හමුදාවේ යශෝධ මෙන්ඩිස් පන්දුවාර 15.1ක් යවා ලකුණු 18කට කඩුලු හතක් දවාලීම මත මුවර්ස් පළමු ඉනිම ලකුණු 128කට සීමාවී ඉනිමක පරාජයෙන් ගැලවීමට ඔවුනට දෙවන ඉනිමේද පන්දුවට පහරදීමට සිදුවිණි.

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 96.3දී සියලු ක්‍රීඩකයන් දැවී 374යි – (අෂාන් රන්දික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුෂාන් විමුක්ති 61,යශෝධ මෙන්ඩිස් 27,ධනුෂ්ක රණසිංහ 76/8) – මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 43.1දි සියලුදෙනා දැවී 128යි – (නිපුන් කරුණානායක 31යි, ආදේශ් තිලංචන 25, චරිත කුමාරසිංහ 20, යශෝධ මෙන්ඩිස් 18/7) සහ දෙවැනි ඉනිම පන්දුවාර 26දී කඩුලු 2ක් දැවී 107යි – (පබසර වඩුගේ නොදැවී 58, යශෝධ මෙන්ඩිස් 17/1)

කෝල්ට්ස් – සී.සී.සී.

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී සී.සී.සී.කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 39කින් ඉදිරියෙන් සිටීමට සමත්විය.

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 53.2දී සියලු ක්‍රීඩකයන් දැවී 205 – (සංතූෂ් ගුණතිලක 67, මිෂාඩ් රන්දික ද සිල්වා 46, ධනංජය ලක්ෂාන් 29, සොනාල් දිනූෂ 55/6, විශ්ව ප්‍රනාන්දු 40/3) සහ දෙවන ඉනිම පන්දුවාර 58දී කඩුලු 8ක් දැවී 212යි – (මිෂාඩ් රන්දික ද සිල්වා 73, සංතූෂ් ගුණතිලක 44,හෙෂාන් ධනුෂ්ක 25, විශ්ව ප්‍රනාන්දු 25/3, සොනාල් දිනුෂ 98/5)

සී.සී.සී.පළමු ඉනිම ඕවර 59.2කදී සියලු දෙනා දැවී 244යි  – (මිනෝද් භානුක 99, ලසිත් අබේරත්න 38, සොනාල් දිනූෂ 26, දිල්රුවන් පෙරේරා 95/5,ප්‍රභාත් ජයසූරිය 76/4)

රාගම – ලන්කන් 

රාගම කණ්ඩායමේ රොෂේන් සිල්වා සහ නිෂාන් මධුශංඛ ප්‍රනාන්දු ශතකය බැගින් රැස්කළහ.

ලන්කන් පළමු ඉනිම පන්දුවාර 77දී සියලුදෙනා දැවී 205 – (ප්‍රිමෝෂ් පෙරේරා 57,කේෂාන් විජේරත්න 51,අමිල් අපොන්සු 42/2, ශෂික දුල්ෂාන් 26/5)

රාගම පළමු ඉනිම පන්දුවාර 99දී කඩුලු 6ක් දැවී 417යි – (රොෂේන් සිල්වා 165,නිසාන් මධුශංඛ ප්‍රනාන්දු 154, උදිත් මධුෂාන් 101/3)

බී.ආර්.සී – මීගමුව

බී.ආර්.සී කණ්ඩායම මේ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 49කින් ඉදිරියෙන් සිටීමට සමත්විය.

බී.ආර්.සී පළමු ඉනිම පන්දුවාර 106.4දී සියලුදෙනා දැවී 328 – (ලිසුල ලක්ෂාන් 59,ලසිත් ලක්ෂාන් 49,භානුක විතානවසම් 68, දේශාන් ඩයස් 36, උමේෂ් මොරායස්  33, උපුල් ඉන්ද්‍රසිරි 120/7) සහ දෙවන ඉනිම පන්දුවාර 13.3දී කඩුලු 1ට 35යි – (ලිසුලු ලක්ෂාන් නොදැවී 24)

මීගමුව පළමු ඉනිම පන්දුවාර 56.1දී සියලුදෙනා දැනී 279යි – (මාධව වර්ණපුර 55, ඇන්ජලෝ ජයසිංහ 109, සාඩ් නසීම් 51, මොහොමඩ් ශිරාෂ් 65/3යි, ලසිත් ලක්ෂාන් 21/4යි)

එන්.සී.සී – බදුරලිය

එන්.සී.සී කණ්ඩායමේ පැතුම් නිශ්ශංඛ නොදැවී ලකුණු 101ක් ලබා ගැනීමට සමත්විය. තරගයේ දෙවැන දිනයේදී තණතීරුවේ පැවැති අයහපත් තත්ත්වය මත එදිනට තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. 

එන්.සී.සී. පළමු ඉනිමේදී පන්දුවාර 35.2දී කඩුලු 2ට 187 – (පැතුම් නිශ්ශංඛ නොදැවී 101, හසිත බෝයගොඩ 33,උපුල් තරංග නොදැවී 44, තිලකරත්න සම්පත් 69/2)

සැරසන්ස් – හලාවත මේරියන්ස් 

හලාවත මේරියන්ස් දෙවන දින නිමවන විට පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටියේය.

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 83දී සියලුදෙනා දැවී 176යි – (සමන් ජීවන්ත 35, පැතුම් මධුශංඛ 29, චාමික එදිරිසිංහ නොදැවී 24, නිමේෂ් විමුක්ති 39/4,චතුරංග කුමාර 25/3) සහ දෙවන ඉනිම කඩුලු 2ක් දැවී 31යි.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 70.5දී 281යි – (ලසිත් කෲස්පුල්ලේ 45,ඕෂධ ප්‍රනාන්දු 69, සුමිත් ගාඩිඕන්කාර් 60, කේ.අධිකාරි නොදැවී 49, මොහොමඩ් ඩිල්ෂාඩ් 63/4, චාමිකර එදිරිසිංහ 105/3)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest