slc
logo
Home   |    News
මාර්තු 7, 2020
වනිඳු හසරංගගේ ටෙස්ට් සිහිනය කල් යයි

sinhala editor

By Chamila Karawita

කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලකැලේදී පැවැති දෙවැනි විස්සයි-20 තරගයේ පන්දු රකිමින් සිටින අතරතුර ආබාධයකට මුහුණ දුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සති 6 ක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. මෙම තත්ත්වය මත ඔහුට එළැඹෙණ 19 වැනිදා එංගලන්ත පිලට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගිවීමට තිබූ අවස්ථාව මඟ හැරෙනු ඇත.

තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරන ආකාරයට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලියේදී පා දඟ පන්දු යවන්නකු මෙන්ම පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා හේතුවෙන් එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ටෙස්ට් සංචිතයට වනිඳු හසරංග ඇතුළත්ව සිටි බවයි.

“වනිඳුගේ කලවයේ ආබාධිත තත්ත්වය තරමක ලොකු එකක්. ඒ නිසා ඔහුට සති 6 ක කාලයක් විවේක ගන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තියෙනවා” යැයි පවසා සිටි තේරීම් කමිටුවේ සභාපති ධුරයට අමතරව ශ්‍රී ලංකා පිලේ කළමනාකරු තනතුරේද කටයුතු කරන අසන්ත ද මෙල් මහතා, “එයා කොදෙව් තරගාවලියේදී දක්වපු දක්ෂතා මෙන්ම ඊට කළින් දේශීය තරග පිටියේදී දක්වන ලද දක්ෂතා සියල්ලම සැලකිල්ලට ගනිමින් එංගලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කරලා තිබුණේ. නමුත් අවාසනාවකට සති 6 ක් විවේග ගන්න වෙන නිසා ඒ අවස්ථාව වනිඳුට අහිමි වෙනවා”යි වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් එම තරගය අතරතුරදී ආබාධයකට ගොදුරු වුණු කුසල් පෙරේරාගේ ආබාධිත තත්ත්වය එතරම් බරපතල නොවන බව සඳහන් කර සිටි තේරීම් කමිටු සභාපතිවරයා, “කුසල්ගේ ඇඟිල්ලේ ඇතිවෙලා තියෙන්නේ පොඩි අස්ථි බන්ධනයක තියෙන සුලු ආබාධයක්. ඒකෙන් අස්ථියට කිසිම හානියක් වෙලා නෑ. ගොඩක් වෙලාවට එයට එංගලන්තෙත් එක්ක තියෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන්න පුලුවන් වෙයි” යැයි සඳහන් කර සිටියේය. මාලිංග විසින් ක්‍රියාත්මක කරන ලද පළමු පන්දුවාරයේ පළමු පන්දුවම කුසල් පෙරේරාගේ ඇඟිල්ලේ වැදීම මත ඔහු කඩුලු රැකීමේ කර්තව්‍යයෙන් දික්වැල්ලට භාර දී ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියේය.

කොදෙව් පිල කඩුලු 7 ක ජයක් අත්කර ගන්නා ලද දෙවැනි තරගයේදී බ්‍රෙන්ඩන් කිං එල්ල කරන ලද පහරක් පසු පස හඹා යෑමේදී වනිඳු කලවයේ මස් පිඬු ඉරී යෑමේ ආබාධයකට ගොදුරු විය. එම තත්ත්වය මත අකමැත්තෙන් හෝ වනිඳුට පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ තරගයේ එකම පන්දු වාරයක් හෝ යැවීමට නොහැකි වෙමිනි.

කොදෙව් පිලට එරෙහිව පැවැති පළමු තරගයේදී පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් ලබාගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලද වනිඳු එදින පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ ටෙස්ට් කණ්ඩායමට සුදුසුකම් ලැබීම තමන් සතුව තිබෙන ඉලක්කයන් අතර ප්‍රධානම එකක් බවයි. දෙවැනිතරගයේදී පිතිකරණයෙන් පන්දු 10 කදී ලකුණු 17 ක් සහ පන්දු යවමින් ලකුණු 30 කට කඩුලු 3 ක්දවා ගත් තුන් ඉරියව් ක්‍රීඩකයා තෙවැනි තරගයේදී පන්දු 9 කදී ලකුණු 16 ක් සහ පන්දු යවමින් ලකුණු 41 කට එක් කඩුල්ලක් දවා ගනිමින් එක්දින තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar