slc
Home   |    News
මාර්තු 13, 2020
සිවුදින තරගය අතර මඟ නවතියි

sinhala editor

By Chamila Karawita

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ටෙස්ට් තරගාවලිය පසෙකලා නැවතත් සිය රට බලා යෑමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීමත් සමඟ පෙර පුහුණුවීම් වෙනුවෙන් කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති සිව්දින තරගය අද (13 දා) අතර මඟ නවතා දැමිණ. තරගයේ දෙවැනි දිනය හමාර කිරීමට මිනිත්තු 80 ක පමණ පෙර තරගය අතහැර දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 150 ක් ලබා සිටියේය.

ලකුණු 12 කට ඉදිරි පෙළ පිතිකරුවන් දෙදෙනකු දැවී ගොස් තිබියදී නායක තිරිමාන්නට එක්වූ ඇන්ජලෝ පෙරේරා සභාපතිවරයාගේ පිල වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ගෙන ආවේ තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩ නංවමිනි. එහිදී තරමක ප්‍රවේග කාරී පිතිහරඹයක නියැළුණු ඇන්ජලෝ පන්දු 53 කදී ලකුණු 38 ක් ලබා ගත්තේ අලංකාර කවර් ඩ්‍රයිව් පහර ද ඇතුළත්ව එල්ල කරන ලද හතරේ පහර 7 ත් සමඟිනි.  බෙන් ස්ටොක්ස් වෙනුවට කණ්ඩායමට පැමිණි මැට් පාකින්සන්ගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝගේ ඉනිම නිමා විය.

තේ පානයෙන් මිනිත්තු 40 ක පමණ කාලයකින් පසු තරගය නවතා දමන විටත් සිය කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි ළහිරු තිරිමාන්න පන්දු 115 කදී ලකුණු 88 ක් රැස් කරගෙන සිටියේය. හතරේ පහර 12 ක්ද ඇතුළත්ව සිය ඉනිම තිරිමාන්න සරසා ගනිද්දී අනෙක් අන්තයේ වූ රොෂේන් සිල්වා ලකුණු 11 ක් ලබා සිටියේය.  

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා දුන් ලකුණු 463 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේදීම දවාගත් ක්‍රිස් වෝක්ස් දෙවැනි කඩුල්ල මුලු ලකුණු සංඛ්‍යාව 12 දී දවා ගැනීමට සමත්විය. බලාපොරොත්තු තබා සිටින පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පැතුම් නිස්සංක කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවද සධීර සමරවික්‍රම පෙරළා උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය.

කඩුලු 3 කට ලකුණු 354 ක් තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායමේ අවසන් කඩුලු 7 ම ලකුණු 94 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත්වූහ. දිවා ආහාරය වන විට එංගලන්ත ඉනිම හමාර වද්දී මුලු ලකුණු සංඛ්‍යාව 463 ක් වශයෙන් ලකුණු පුවරුවේ දිස්විය.

අද දිනයේ දැවී ගිය කඩුලු 7 න් 5 කටම හිමිකම් කියන ලද්දේ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරියයි.  ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානම දඟ පන්දු යවන්නා බවට පත්ව සිටින ලසිත් ඇඹුල්දෙණියට ආවරණ ක්‍රීඩකයකු ලෙසින් යොදා ගැනීමේ බලාපොරොත්තු ඇතිව කණ්ඩායම් එක් කරන ලද ප්‍රභාත් තේරීම් කමිටුවේ බලාපොරොත්තු අකුරටම ඉටු කරමින් සමස්ථ ඉනිමේදී ලකුණු 164 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත්වූවේය.

කඩුලු 3 කට ලකුණු 354 ක් ලෙස තිබියදී දිනය ඇරැඹූ එංගලන්ත කණ්ඩායම අද දිනයේදී ලබා ගන්නා ලද ලකුණු 109 අතර තුර සිදුවූ එකම සුවිශේෂී සිදුවීම බවට පත්වූයේ පෙර දිනයේ ලකුණු 90 ක් ලබා සිටි නායක ජෝ රූට් ශතකයක් ලබා ගැනීම පමණි.

මුහුණ දුන් 134 පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් දකුණත් පිතිකරුවා අද දිනයේ ප්‍රභාත්ගේ පළමු ගොදුර බවට පත්වෙමින් දැවී ගියේය. විශාල දඟ කැවීමක් නොතිබුණද නිසි තැන පතිත කරමින් පන්දු යැවූ ප්‍රභාත් කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව රූට්ව දවා ගත්තේය. දැවී යන විට පන්දු 139 කට මුහුණ දී තිබූ එංගලන්ත නායකයා ලකුණු 102 ක් ලබා සිටියේ තම ඉනිම හතරේ පහර 9 කින් සරසා ගනිමිනි.

රූට්ගේ දැවී යෑමත් සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඔලී පෝප් සමඟ ගොඩනංවන ලද සම්බන්ධතාව ලකුණු 190 දී බිඳ වැටිණ. රූට්ගේ දැවී යෑමෙන් ලකුණු පුවරුව ලකුණු 19 ක් එක් වන අතර වාරයේදී ලකුණු 95 ක් ලබා සිටි ඔලී පෝප් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

එතැන් පටන් එංගලන්ත පිතිකරුවන්ව ග්‍රහණයට ගනිමින් පන්දු යැවීමට සභාපතිවරයාගේ කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වුවත් කඩුල්ල පහසුවෙන් ලබා නොදෙන්නේය යන අධිෂ්ඨානයෙන් එංගලන්ත පසු පෙළ පිතිකරුවෝ පන්දුවට පහර දුන්හ. කෙසේ වෙතත් ඒ වන විටත් නම් දරා සිටි එකම පිතිකරුවා වූ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර්ව දවා ගනිමින් සිය කඩුලු 5 සම්පූර්ණ කරගැනීමට ප්‍රභාත් සමත්වූවේය.

අවසන් කඩුල්ල වෙනුවෙන් එක්වූ ජැක් ලීච් සහ මැට් පාකින්සන් ලකුණු 32 කින් එංගලන්ත ලකුණු පුවරුව පෝෂණය කළ අතර ඒ වෙනුවෙන් අංක 11 පිතිකරු ලෙසින් පිටියට පිවිසි පාකින්සන් ලකුණු 22 කින් දායකත්වය දැක්වූවේය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest