slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2020
ක්‍රිකට් නැතිව බලපෑමට ලක්වූවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහන

Sri Lanka Cricket

කොවිඩ් 19 වසංගතය තව දුරටත් නරක අතට හැරීම හේතුවෙන් ක්‍රිකට් තරග පැවැත්වීම තවදුරටත් කල් යන බැවින් එම හේතුවෙන් බලපෑමකට ලක්වූ පාර්ශ්වයන් හඳුනාගනිමින් එම පාර්ශ්වයන්ට සහන සැලසීම උදෙසා මූල්‍යමය ආධාර ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ප්‍රධාන වශයෙන් කොටස් 3 ක් යටතේ මෙම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිත අතර එහිදී ක්‍රීඩාංගණවල සහ ඒවායේ යටිතල පහසුකම් නැංවීම, මූල්‍ය දුෂ්කරතාවන් වලට මුහුණ දී සිටින දිසත්‍රික් සංචිතවල ක්‍රීඩකයින්ට සහ කළමනාකරුවන්ට සහන සැලසීම මෙන්ම මූල්‍ය දුෂ්කරතාවන්වලට මුහුණ දී සිටින ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් එම ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ගෙන ඇති මෙම තීරණයට අනුව මාර්තු සහ අප්‍රේල් මාසවලට වලංගු වන පරිදි ක්‍රීඩාංගණවල සහ ඒවායේ යටිතල පහසුකම් ඉහළ නැංවීම සඳහා ක්‍රීඩාංගණයකට රුපියල් ලක්ෂයක් (100,000/=) බැගින්ද ක්‍රීඩාංගණ නඩත්තු කරන ක්‍රීඩා සමාජ 11 කටද, පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින දිස්ත්‍රික්ක සංචිතවල ක්‍රීඩකයින්ට සහ කළමනාකරුවන්ට සහන සැලසීම වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ පනස් දාහක් (150,000/=) බැගින් දිස්ත්‍රික්ක 26 කට බෙදා දීමට නියමිතය.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය කෙරෙහිද ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙන අතර අතර ඔවුන් වෙනුවෙන් රුපියල් හත්ලක්ෂ අසූදාහක (780,000/=) ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වී සිටියි.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee