slc
Home   |    News
අප්‍රේල් 10, 2020
කොරෝනා අරමුදලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පරිත්‍යාගයක්

sinhala editor

Covid 19 වෛරසය මැඬලීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දීමට පොරොන්දු වූ මුදල ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත පිරිනැමීම අප්‍රේල් 09 වැනි දින සිදුවිය.

රුපියල් මිලියන 25 ක මුදල හෙවත් ලක්ෂ 250 ක වටිනාකමකින් යුතු චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා මහතා විසින් අතිගරු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති නිල නිවසේදී භාරදීමට පියවර ගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක්ව සිටි අතර ඔවුන්ට අමතරව වත්මන් ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායක දිමුත් කරුණාරත්න සහ විස්සයි-20 නායක ලසිත් මාලිංගද එම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest