slc
logo
Home   |    News
අප්‍රේල් 7, 2020
නිවෙසට වී වැඩ කරන හැටි ගැන මිකී ආතර් කතා කරයි

Sri Lanka Cricket

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පමණක් නොව ලොව සෑම රටකම ක්‍රීඩාවන් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාව අතින් බැලීමේදී ඒ පිළිබඳව වැඩියෙන්ම දැනෙනු කරුණක් බවට පත්වූයේ එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත වූ ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වීමය. ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තාවකාලිකව නවතා දමා ඇතති ක්‍රීඩකයින්ට එය විවේකයක් නොවන්නේය. ඒ පිළිබඳව පවසා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ය. කොරෝනා වෛරසය හේතුවෙන් රජය විසින් ලබා දී තිබෙන නිවෙසට වී වැඩ කරන කාල සීමාවේදී මිකී ආතර් සිදුකරන ලද සාකච්ඡාවක සිංහල පරිවර්තනය පහත දැක්වේ. මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය විසින් සිදුකරන ලද්දකි. 

ප්‍රශ්නය – කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය නිසා ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම නතර වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස මොකද්ද…?

පිළිතුර – ඇත්තටම එය මුලු ලෝකයටම අවාසනාවන්ත තත්ත්වයක්. මේ හේතුව නිසා මුළු ලෝකයම මුළුමනින්ම වගේ වසා දමා ඇති බැවින් ක්‍රීඩාව මෙන්ම බොහෝ ව්‍යාපාරත් මේ වන විට ඇණ හිට තිබෙන තත්ත්වයක් මතු වෙලා. මේ අවාසනාවන්ත කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ගැන වටහා ගැනීම වැදගත් කියලා මම හිතනවා. ඒ වගේම මේ තත්ත්වයට ගොදුරු වී සිටින අයට ඉක්මන් සුවය පැතිය යුතුයි. ක්‍රිකට් පමණක් නොවෙයි ගොඩක් ක්‍රීඩා මේ වසංගතය නිසා නැවතිලා තියෙනවා. කොහොම නමුත් මේ තත්ත්වයට එරෙහිව ශක්තිමත් වෙලා ඉක්මනට ඉදිරියට ඒමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය – මේ තත්ත්වය නිසා ක්‍රීඩකයින් සියලුම දෙනාට මුළුමනින්ම ක්‍රීඩා පිටියෙන් බැහැරව සිටීමට සිදුවෙලා තියෙනවා. මේ කාලය ඔබ සහ ඔබේ පුහුණු අංශය කොයි විදියටද කණ්ඩායමේ කටයුතු වලට යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ…?

පිළිතුර – ඇත්තටම මේ කාලය අපි පළමු මාස 3 දී මෙනෙහි කළ දේවල් මතක් කර ගැනීමට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි කණ්ඩායමක් වශයෙනුත් තනි තනි වශයෙනුත් ක්‍රීඩකයින්ට එක් එක් වගකීම් පවරලා තියෙනවා. ඒ වැඩපිළිවෙළ මේ කාල සීමාවේදීත් භාවිතා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වසර අවසන් වන විට සියළුම ආකෘතීන් තුළ, විශේෂයෙන්ම කණ්ඩායමේ දියුණුව පිළිබඳව  වූ වැඩ ආචාරධර්ම පද්ධතියේ සිට ක්‍රීඩකයින් ඉලක්ක වෙත ගිය ආකාරය සහ ඔවුන්ගේ කැමැත්ත පිළිබඳව අපි ඉතා සතුටු විය හැකියි. 

ප්‍රශ්නය – ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩාවට මානසිකව සූදානම් කිරීම පිළිබඳව ඔබ ක්‍රීඩකයින් වෙත ලබා දී තිබෙන සැලසුම් මොනවද…?

පිළිතුර – සියළුම දෙනාට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම වේගවත් කිරීම සඳහා එක් එක් ක්‍රීඩකයින්ට වෙන වෙනම යෝග්‍යතා ව්‍යායාම සැලසුම් ලබා දීලා තියෙනවා. මේ සැලසුම් සියල්ලම සකස් කරලා තියෙන්නේ අපේක්ෂිත ශාරීරික මට්ටම පවත්වාගෙන යෑම සඳහා. ඒ සියල්ලම ඔවුන්ගේ නිවසේ සතුව ඇති පහසුකම් වලට අනුව අපි ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ අභ්‍යාසකවරුන් වන ඩිශාන් ෆොන්සේකා සහ පෝල් කූරී ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව මම සෑම ක්‍රීඩකයකුම ඔවුන්ට අවශ්‍ය ව්‍යායාම වල විස්තර යවලා තියෙනවා. ඒ වගේම ඒ කටයුතු වල ශක්තීන් සහ දුර්වලතා මා සමඟ ක්‍රීඩකයින් බෙදා ගන්නවා. මේ සියල්ල ක්‍රීඩකයින්ගේ මානසික, ශාරීරික සහ තාක්ෂණික දියුණුවට බලපානවා.

ප්‍රශ්නය – ක්‍රීඩකයින් ලබන ප්‍රගතිය ඔබ තක්සේරු කරන්නේ කොහොමද. විශේෂයෙන් එය ඵලදායී කරුණු අතරට එක් වෙලා තියෙනවද…?

පිළිතුර – අධීක්ෂණ ක්‍රියාවලිය ඉතා සරළ එකක් වන අතර එය එක් එක් ක්‍රීඩකයින් සමඟ තනි තනිවම කටයුතු කරනවා. 

ප්‍රශ්නය – ඔබගේ පුහුණුකාරීත්වය යටතේ කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනු ලැබුවා. ඔබ හිතන විදියට එය දියුණුවේ සංකේතයක් විදියට අපි දකින්න පුලුවන් ද…?

පිළිතුර – ඇත්තටම කොදෙව් පිලට එරෙහිව පැවැති තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීම පිළිබඳව මම ගොඩක් සතුටට පත් වුණා. මෙය ඇත්තටම ක්‍රීඩකයින් කරපු වෙහෙසට ඔවුනට ලැබුණු ප්‍රතිලාභයක් විදියට සලකන්න පුලුවන්. මෙතන වුණු සිත් ඇද ගන්නා සුළු දේ තමයි ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය ආවේනික ක්‍රීඩාව කරගැනීමට තනි භූමිකාවක් නිර්මාණය කර ගැනීමට සමත්වීම. කේවල දක්ෂතා අතින් බැලුවත් ඉතා හොඳයි. ඔවුන් ඔවුන්ට දෙයක් කළ හැකි කියලා මේ තරගාවලියේදී ඔප්පු කරලා තියෙනවා. 

ප්‍රශ්නය – මේ තරගාවලි ජයත් සමඟ ක්‍රීඩකයින් එංගලන්ත තරගාවලිය දෙස බලන් හිටියා. නමුත් එම තරගාවලිය අපිට අහිමි වුණා. මේ ගන ඔබ කොයි විදියටද දකින්නේ…?

පිළිතුර – ඇත්තටම එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නොලැබීම දැඩි කණගාටුවට කරුණක්. කොහොම වුණත් මේ තරගාවලිය පස්සේ ක්‍රීඩා කරයි. මට දැනෙන විදියට සිම්බාබ්වේ පැවැති ටෙස්ට් තරගාවලියෙන් පස්සේ අපේ ක්‍රීඩකයින් ටෙස්ට් තරග වල ලොකු දියුණුවක් ලබලා තියෙනවා. ඒ තරගාවලිය ඉතාම අසීරු තරගාවලියක්. නමුත් අපේ අය ඉතාමත් ඉවසීමකින් කටයුතු කළා. ඒ තරගාවලියෙන් පස්සේ සෑම කණ්ඩායමකටම එරෙහිව ක්‍රීඩා කිරීමේදී අවශ්‍ය අපේම සන්නාමයක් සකස් කර ගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. ඒ තරගාවලියේදී අපි ගොඩ නගාගත්ත ගම්‍යතාවය ඉදිරි තරගාවලිවලදී ඒ විදියටම පවතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායමට යතාර්ථවාදී ඉලක්ක කීපයක්ම තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී දේශීය මෙන්ම විදේශීය වශයෙන් සාර්ථකත්වයට පත්විය හැකි ක්‍රීඩකයින් සහ සැලසුම් රැසක් තියෙනවා කියලා විශ්වාස කරනවා.

ප්‍රශ්නය – දැන් තියෙන ‘හුදකලා කාල සීමාව’ අපේ කණ්ඩායමේ ඉදිරි සංචාර ආදිය පිළිබඳව සිදුකරනු ලබන විශ්ලේෂණයන් වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව සලසා දෙයි කියලා විශ්වාස කරනවාද…?

පිළිතුර – ඔව්. මේ හුදෙකලා කාලය පුහුණුකරුවන් විදියටත් කණ්ඩායමක් විදියටත් අප විසින්ම සකසා ඇති ක්‍රීඩක සැලසුම්, ඔවුන්ගේ භූමිකාවන් සහ අරමුණු වඩාත් පිළිබිඹු කිරීම සඳහා කාලයක් ලබා දෙනවා. ඒ වගේම අපි ලෝකය පුරා කණ්ඩායම් තුළ සිදුවන ප්‍රවණතා පිළිබඳව සොයා බලනවා පමණක් නොවෙයි ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය සියලු දේ පිළිබඳව විශ්ලේෂණාත්මකව කරුණු සොයා බලනවා. අපිට ඇත්තටම ඕන වෙලා තියෙන්නේ ඉදිරියේදී ලොව අනුගාමිකයින් නොවන නායකයින් විදියට රැඳී ඉන්නයි. 

ප්‍රශ්නය – බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විස්සයි-20 තරගාවලි අපි පරාජයට  පත් වුණා. ඒ තරග අංශයේ අනාගතය පිළිබඳව ඔබේ තක්සේරුව මොකද්ද…?

පිළිතුර – අපි තරග වැදුණේ ඇත්තටම විස්සයි-20 තරග අංශයේ වැඩි බලයක් තියෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ. මම මීට පෙර පාකිස්තානු විස්සයි-20 කණ්ඩායම සමඟත් කටයුතු කරලා තියෙන නිසා මම දන්නවා අවශ්‍ය මොනවද කියන එක ගැන. අපේ විස්සයි-20 කණ්ඩායම තවමත් පරීක්ෂණ මට්ටමේ සිටින නමුත් වඩාත්ම වැදගත් දේ නම් අපි සතුව තියෙන සම්පත් මත පදනම්ව ක්‍රීඩා කරමින් ජය්‍රහණය අත්කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සොයා ගැනීමයි. ඒ වගේම අපේ ශක්තීන් මත වන පදනම වන්නේ කුමක්ද යන්න පිළිබඳව ක්‍රීඩකයින් තුළ හරි වැටහීමක් ඇති කරලීමට අපි කටයුතු කළ යුතුයි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest