slc
logo
Home   |    News
මැයි 26, 2020
‘ආරක්ෂාව පළමුවට’ගෙන ක්‍රිකට් පටන් ගන්න අයි.සී.සී.යෙන් උපදෙස්

Sri Lanka Cricket

‘ආරක්ෂාව පළමුවෙන්’ යන සංකල්පය යටතේ ක්‍රිකට් ක්‍රියාකාරකම් නැවත ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය සාමාජික රටවලට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ඒ ඒ රටවල කොරෝනා වෛරසය කොයි ආකාරයෙන් ව්‍යාප්තවන්නේද යන්න අවධානය යොමු කරමින් එම කටයුතු සිදුකරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මාස 2 කට අධික කාලයක් තිස්සේ මුළු ලෝකයටම බලපෑම් ඇති කරමින් පැවැති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට බොහෝ රටවලට හැකියාව ලැබී ඇති බැවින් සිය රටවල් යළිත් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා පනවා තිබූ ‘නීරෝධායන’ නීතීන් මේ වන විට ලිහිල් කිරීමට පියවරෙන් පියවර කටයුතු කරගෙන යනු ලබයි.  බැවින් ඒ පිළිබඳව සලකා බලා ක්‍රීඩාව නැවතත් ආරම්භ කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමු වී තිබේ. මෙහිදී ඒ සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද හඳුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ ඒ රටවල් සිදුකරගෙන යනු ලබන නීරෝධායනය වැඩපිළිවෙළ යටතේ ඉහළම ආරක්ෂිත නියමයන් අනුගමනය කරමින් එම පුහුණුවීම් සිදුකර යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එම රටවල් දැනුවත් කර තිබේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමේ අවශ්‍යතාවයද ඔවුන් විශේෂයෙන් පෙන්වා දී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ම ක්‍රිකට් තරගාවලි 2 ක් වූ එංගලන්තයට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකාව සමඟින් වූ එක්දින සහ විස්සයි-20 තරගාවලි මඟ හැරිණ. මෙහිදී එංගලන්ත කණ්ඩායම අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියද රට තුළ ඇතිවූ ව්‍යාකූල තත්ත්වය මත තරගාවලිය අවලංගු කොට සිය රට වෙත පියාසර කළේය.

කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධව ආසියානු රටවල් අතර ඉන්දියාව සහ පාකිස්තානයේ තත්ත්වය තරමක් බරපතල අතට හැරී තිබෙන නමුත්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජය සිදුකරන ලද විධිමත් වැඩසටහන යටතේ වෛරසය පාලනය සම්බන්ධව පැහැදිළි වර්ධනයක් අත්කර ගැනීමට හැකියාව ලැබීම සතුටට කරුණක් වේ.

කෙසේ වෙතත් සිය මාර්ගෝපදේශ මාලාව හඳන්වා දෙමින්, පුහුණු කටයුතු ඇතුළු ක්‍රීඩාවට සම්බන්ධ සියළු ක්‍රියාකාරකම් සිදුකළ යුත්තේ කොරෝනා වෛරසය දේශීය වශයෙන් පැතිර නොයෑම පිළිබඳව වූ පැහැදිළි තත්ත්වයක් ඇති නම් පමණක් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ක්‍රිකට් සම්බන්ධව කටයුතු කරන පරිසරය හේවත්, ක්‍රීඩාංගණ, පුහුණු ස්ථාන, ක්‍රීඩාගාර, ක්‍රිකට් උපකරණය, සහ පුහුණුවීම් කළමනාකරණය කිරීම යන කරුණු සම්බන්ධව වූ අවධානය අවම කර ගැනීමේ වැදගත් භාවයද අයි. සී. සී. ය පෙන්වා දී තිබේ.

මෙහිදී ක්‍රීඩාවේදී පෙර භාවිතා කෙරුණු සිසිල් පැන් බෝතල, බීම බෝතල සහ දහඩිය පිසීම සඳහා භාවිතා කරන තුවා බෙදා නොගැනීම මෙන්ම පන්දුව ආරක්ෂිතව කළමනාකරණය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව සඳහන් කර තිබෙන අතර සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳවද දැනුම් දී තිබේ. එහිදී සබන් යොදා අත් සේදීම, මධ්‍යසාර භාවිතයෙන් නිර්මාණය කරන ලද විෂබීජ නාෂක දියර භාවිතය, ඇස්, නාසය සහ මුඛය ස්පර්ෂ කිරීමෙන් වැළකීම මෙන්ම කිවිසුම් යන අවස්ථාවේදී වැළමිට භාවිත කිරීම යන කරුණු ද එකී මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

මීට අමතරව ක්‍රිකට් උපකරණ භාවිතය බෙදා ගැනීමෙන් තොරව සිදුවිය යුතු අතර , විවේකාගාර, එහි නාන පහසුකම් ඇතුළු වෙනත් පහසුකම් භාවිතය අවම කිරීමට ක්‍රීඩකයන්ව දැනුවත් කළ යුතු බවත් එහිදී හැකි සෑම විටකම නිවසේදී ස්නානය කිරීමට ක්‍රීඩකයන්ට උපදෙස් ලබා දිය යුතු බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

The complete document – ICC Back to Cricket Guidelines

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest