slc
Home   |    News
මැයි 26, 2020
කොන්ත්‍රාත්ගත සියලුම ක්‍රීඩකයින්ට වෛද්‍ය පරීක්ෂණයක්

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වාර්ෂික ගිවිසුම්ගතව සිටින සියළුම ක්‍රීඩකයින්ව ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණයන්ට භාජනය කිරීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අවධාරණය කරයි. වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා 

 ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලක්ෂ 150 ක් වටිනා පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රීඩා අමාත්‍යාංශ වෙත පරිත්‍යාග කිරීම සම්බන්ධව අද (26 දා)  පැවැති මාධ්‍ය හමුව අසනසදීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගතව සිටින  වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වුණු අතර එම සිදුවීම පාදක කරගනිමින් මාධ්‍ය විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ශම්මි සිල්වා මහතා ඉහත අදහස් පළ කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, “ඇත්තටම මේ තත්ත්වය එම ක්‍රීඩකයාගේ පෞද්ගලික දෙයක්. ඒවගේ දේවල් අපිට පාලනය කරන්න බැහැ. ඔවුන්ගේ පරිසරය අනුව තමයි ඔවුන් ඒ විදියට හැසිරෙන්න. ඒ වුණත් ඉදිරියට ඒ වගේ දේවල් නොවෙන්න අපි අද තීරණයක් ගන්නවා. ඒ ඉදිරියේදී ක්‍රිකට් ආයතනය සමඟ බැඳී සිටින සියළුම ක්‍රීඩකයින් පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු කරනවා”යි සඳහන් කර සිටියේය.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest