slc
logo
Home   |    News
මැයි 26, 2020
කොන්දේසි විරහිත ගමනකට අත දිගු කරමින් ක්‍රීඩා ඇමැති ක්‍රිකට් පරිපාලනයට තුති පුදයි

Sri Lanka Cricket

දින 69 ක කාලයකින් පසු රටක් වශයෙන් නැවත නැගිටීමට උත්සාහ දරනු ලබන මෙම අවස්ථාවේදී කොරෝනා වෛරස් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබාදීමට ඉදිරිපත්වීම සම්බන්ධව වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (15,000,000/=) වටිනා කමකින් යුත් එම පී.සී.ආර්. යන්ත්‍රය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාවිතය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශ වෛද්‍ය ආයතනය වෙත  වෙත භාර දීම අද (26 වැනිදා ) කොළඹ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේදී සිදුකෙරිණ. ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ශම්මි සිල්වා මහතාද ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියේය. ඒ මහත්වරුන්ට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඒ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අමල් එදිරිසූරිය සහ ක්‍රීඩා වෛද්‍ය ආයතන අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ යන මහත්වරුද එක්වී සිටියහ.

“රට නැවත නැගිටින මොහොත අපි අමාත්‍යාංශයක් විදියට සංකේතවත් කරන්නේ හුදු නාමික අර්ථයෙන් පමණක් නොවෙයි. ඉන් ඔබ්බට ගියපු වැදගත් සෞඛ්‍යමය සහ ආර්ථිකමය කරුණ සියල්ලම ඇතුළත් වෙච්චි සුවිශේෂී දර්ශකයක් එක්ක තමයි අද ක්‍රීඩා අමාත්‍යාංශය නැවත නැගිටීම සනිටුහන් කරන්නේ” යනුවෙන් සිය කතාව ආරම්භ කළ ඩලස් අමාත්‍යවරයා අනතුරුව කොවිඩ් 19 වසංගතය මැඬ පැවැත්වීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළ කරන ලද්දේ මෙලෙසිනි. 

“මගේ පෞද්ගලික මතය නම්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දීපු ඒ විශ්මිත සහ ප්‍රායෝගික නායකත්වය නොවෙන්නට  රටක් විදිහට මේ අර්බුදයෙන් මේ තරම් ඉක්මනින් අපිට ගොඩ එන්න පුලුවන් වෙන්නේ නෑ. මේ තරම් ප්‍රශස්ථ දර්ශක සහිතව ලෝකයාට කතා කරන්න පුලුවන් මට්ටමකට අපිට එන්න හැකියාව ලැබෙන්නේ නෑ. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට විතරක් නොවෙයි අධ්‍යාපන අමාත්‍යවරයා විදියට විතරක් නොවෙයි. පුරවැසියෙක් විදියට එතුමාට ඒ නොසැලෙන, ප්‍රායෝගික, විද්‍යාත්මක නායකත්වය සහ කලමනාකාරණය වෙනුවෙන් රටක් විදියට අපි එතුමාට අපේ කෘතවේදීත්ය පුද කරන්නට ඕන” යැයි පැවැසූ අමාත්‍යවරයා දෙවැනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිය ස්තූතිය පළ කර සිටියේය. 

“දෙවැනුව බොහෝ දෙනා නොදැකපු, ඔවුන්ගේ සංවේදීභාවය ප්‍රකාශ කරපු අවස්ථාවක් විදියට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ කාර්යය සඳහන් කරන්න පුලුවන්” යි සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා “අපි ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා රුපියල් මිලියන 15 කට මුදලක් හෙවත් එක්කෝටි පනස්ලක්ෂයක මුදලක් මේ වෙනුවෙන් ලබා දීමට පරිත්‍යාගශීලී වුණාට. 

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ක්‍රීඩාව කොවිඩ් වසංගතය හේතුවෙන් විනාශයට පත්වී තිබෙන මොහොතක ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, සුභ පතන අයවලුන්ට අලුත් බලාපොරොත්තුවක් එකතු කිරීමට හැකියාවක් ලැබේ යැයි තමන් විශ්වාසය කරන බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කර සිටියේය. මේ සම්බන්ධව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟද අවස්ථා කීපයකදීම සාකච්ඡා කළ බවත්, එහිදී සියළුදෙනාටම ඇහුම්කම් දී, වාර්තාවන් අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රීඩාවේ සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කර සිටියේය. 

“අපි දැං ක්‍රීඩා අමාත්‍යාංශයත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් කොන්දේසි විරහිතව ඒ මඟ ඔස්සේ යන්න කටයුතු කරනවා” යැයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව තමා තුළ ඇති පැහැදිළි අවබෝධය පිළිබඳව ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේය. ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසින්ද කටයුතු කරන ඩලස් අලහප්පෙරුම මහතා, “මේ උපකරණය ලබාදීම ගැන මම නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම නැවත ක්‍රීඩාව ආරම්භ කිරීමෙන් පස්සේ මේ පී.සී.ආර්. උපකරණය,  මතුවෙන අර්බුද කාරී තත්ත්වය කලමනාකරණය කර ගැනීම සඳහා භාවිත කළ හැකි පහසුම මෙවළමක් බවට වේවා. ඒ වගේම සියළු දෙනාම බලාපොරොත්තු සහගත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා”යනුවෙන් සිය අදහස් දැක්වීම අවසන් කළේය. 

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest