slc
Home   |    News
මැයි 31, 2020
දින 81ක විරාමයකින් පසු පුහුණුවීම් හෙට ඇරඹෙයි

Sri Lanka Cricket

By Chamila Karawita

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකහමාරකට අධික කාලයක් හෙවත් දින 81 ක කාලයක් තාවකාලිකව නවතා දැමුණු ජාතික සංචිතයේ ක්‍රිකට් ක්‍රියාකාරකම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීති රීතීන්වලට අනුකූල වෙමින් හෙට (ජුනි 01 වැනිදා) දිනයේ සිට යළිත් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සිව්දෙනාගේඅධීක්ෂණය යටතේ පැවැත්වෙන මෙම පළමු පුහුණු වැඩමුළුව දින 12 ක නේවාසික පුහුණු සැසියක් ලෙසින් පැවැත්වෙනු ඇත. මෙම පුහුණු සැසිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයින්ද නිර්දේශ කරනු ලබන්නේ ද එකී පුහුණු අංශය විසින් වීමද විශේෂත්වයකි.

අදාළ පුහුණු වැඩසටහන සඳහා නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් 13 දෙනෙකු සහභාගිවීමට නියමිත වන අතර වැඩ සටහනේ පළමු දිනය වන හෙට දිනයේදී ඔවුන් නේවාසිකව සිටින ශැන්ග්‍රිලා හෝටලයේ ඇති ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සහ පිහිනුම් තටාකය උපයෝගී කර ගනිමින් සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කරන පරිදි හෙටින් ඇරඹෙන වැඩමුළුවට පන්දු යැවීම සහ පන්දු රැකීම පමණක් ඇතුළත් වන අතර පන්දුවට පහර දීම සම්බන්ධව කිසිදු ක්‍රියාකාරකමක් මෙම පුහුණු වැඩසටහන සඳහා ඇතුළත් නොවන බවයි. කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද කටයුතු කරනු ලබන ද මෙල් මහතා, කඳවුරට සහභාගිවන ක්‍රීඩකයින් බහුතරයක් වේග පන්දු යවන්න්න බවට පත්ව සිටින්නේ දීර්ඝ කාලයක් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීම හේතුවෙන් වැඩියෙන්ම ආබාධ වලට ලක්විය හැකි පිරිස බවට පත්ව සිටින්නේ වේග පන්දු යවන්නන් බැවින් බැවින් පුහුණුවීම් වලදී ඔවුන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට පියවර ගත් බවයි.

මෙය ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ඉකුත්දා නිවේදනය කරන ලද මාර්ගෝපදේශන මාලාවේදී පැහැදිළිවම සඳහන් වූ අතර එහිදී ඔවුන් වේග පන්දු යවන්නන් වෙත දැනුම් දී සිටියේ පුහුණු අභ්‍යාස සිදු කිරීමේදී වඩාත් පරෙස්සම්වන ලෙසයි.

ඒ අනුව මෙම පුහුණු වැඩමුළුව සඳහා වේග පන්දු යවන්නන් 6 දෙනෙකු, දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සහ තවත් පිතිකරුවන් දෙදෙනකු මූලික සැලසුමට ඇතුළත් කර තිබුණු නමුත් තවත් ක්‍රීඩකයින් දෙදෙනකු වන ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත් පෙරේරාව කැඳවීමට පුහුණුකරු මිකී ආතර් මහතා කටයුතු කළ බව තමන්ට දැනුම් දුන් බවද ද මෙල් මහතා කරුණු අනාවරණය කර සිටියේය.

රජයේ පූර්ණ සෞඛ්‍ය රෙගුලාසි යටතේ ක්‍රියාත්මක වන මෙම නේවාසික පුහුණු කඳවුරෙහි ඇති සුවිශේෂීතාව වන්නේ මෙම වැඩසටහනට සම්බන්ධ වන හෝටල් සේවක පිරිසද පුහුණු කඳවුර පැවැත්වෙන දින 12 ක කාල සීමාව තුළ නොවෙනස්ව පැවැතීම වේ. මේ පිළිබඳව වැඩිදුර කරුණු දක්වා සිටි ද මෙල් මහතා, “එයාලටත් ක්‍රීඩකයින්ට වගේම ගෙවල් වල යෑමේ අවස්ථාව හිමි වන්නේ නෑ. ඔවුන් මේ පුහුණු කඳවුර පැවැත්වෙන දින 12 ක කාල සීමාවේදී කණ්ඩායම සමඟ රැඳී කටයුතු කරනවා”යි යනුවෙනි. සී, සී. සී. ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහනේදී බාහිර කිසිම පුද්ගලයකුට ක්‍රීඩාංගණයට ඇතුළුවීමේ අවසර අහිමිවනු ඇති බවද අසන්ත ද මෙල් මහතා අවධාරණය කළේය.

කොටස් වශයෙන් පැවැත්වෙන මෙම පුහුණු වැඩසටහන් මාළාවේ දෙවැනි අදියරට විස්සයි-20 නායක ලසිත් මාලිංග ඇතුළු පිතිකරුවන්ද ඇතුළත්වීමට නියමිතව සිටියි. කෙසේ වෙතත් තුන් ඉරියව් වේග පන්දු යවන්නන් යුගලක් වන ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සිය නිවෙස් වල සිටිමින් සිය ශාරීරික යෝග්‍යතා කටයුතු වල නිරත වීමට නියම කර තිබෙන බවද මේ පිළිබඳව අදහස් දැක්වා සිටි පුහුණුකරු මිකී ආතර් මහතා පැවැසීය.

පුහුණු සැසිය සඳහා මුල් කාලසටහනට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින්  මෙසේය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රජිත, ලක්ෂාන් සඳකැන්, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය,  ධනුෂ්ක ගුණතිලක.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest