slc
logo
Home   |    News
මැයි 18, 2020
මෙරට දැවැන්තම ක්‍රීඩාංගණය ඉදිකරන්න රජයෙන් ක්‍රිකට් ආයතනයට අක්කර 26 ක්

Sri Lanka Cricket

වැඩි ප්‍රේක්ෂකයින් සංඛ්‍යෘවකට එකවර තරග නැරැඹීමේ පහසුකම උදා කරලමින් අංග සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අක්කර 26 ක භූමියක් හෝමාගම ප්‍රදේශයෙන්  ලබාදීමට වත්මන් ශ්‍රී ලංකා රජය විසින් පියවර ගෙන තිබේ. 

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් ඉඩමෙන් ලබා දී තිබෙන මෙම භූමියෙහි එකවර ප්‍රේක්ෂකයින් හතළිස්දහසකට (40,000) කට අධික පිරිසකට තරග නැරඹීමේ පහසුකම හිමිවනු ඇත. වැඩි ක්‍රීඩා ලෝලීන් සංඛ්‍යාවකට තරග නැරඹීමේ පහසුකම උදාකරදීමේ අරමුණින් කාලයක් තිස්සේම කොළඹට ආසන්නව සුදුසු ඉඩමක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කර සිටි අතර මෙම ඉඩම ලබා දීමත් සමඟ එකී ක්‍රීඩාංගණය ඉදි කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවනු ඇත.

ඒ අනුව මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා කිසිදු අයුරකින් රජයේ මුදල් භාවිතා නොකරන අතර ව්‍යාපෘතිය සඳහා වූ මුදල් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා ගනු ලබන ණය මුදලකින් ඉදි කිරීමට බලාපොරොත්තු වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ කෙටි ආකෘති සඳහා වැඩි වන ජනප්‍රියතාවය සැලකිල්ලට ගනිමිනි විශාල ජනකායකට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයනක් ලෙසින් මෙම දියගම භූමි භාගය සැලකිය හැකිය. 

ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවකින් සමන්විතව අවම වශයෙන් ප්‍රේක්ෂකයින්  25,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවකට තරග නැරඹිය හැකි අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක් හෝ රටක සතු වන්නේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම කෙරෙහි උනන්දුවක් දැක්වීමට සාමාජික රටවලට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් දැන් අවස්ථාව සලසා දී තිබේ. 

වත්මන් තත්ත්වය අනුව මෙවැනි විශාල ප්‍රමාණයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් රටක් සතු වන්නේ නම් විශාල වශයෙන් විදේෂ මුදල් ගලා ඒමක් සිදුවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාසය පළ කර සිටියි. එමෙන්ම 2023 වසරේ සිට 2031 වසර දක්වා වූ කාල සීමාවේදී ලෝක කුසලාන තරග 2 ක් පැවැත්වීම කෙරෙහි අයි. සී. සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුකරන ලද විමසීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාර ලබා දී තිබීමද මෙකී ක්‍රීඩාංගණය ඉදිකිරීමට ප්‍රධාන උත්තේජනයක් සපයන්නක් බවට පත්ව තිබේ.

ඒ අනුව මෙම ව්‍යාපෘතියේ මූල්‍ය ශක්‍යතාව ඇතුළු සවිස්තරාත්මක වූ සියලුම පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කරනු ඇත. මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම පිළිබඳ වූ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍ය නිවේදනයේද මේ පිළිබඳව පැහැදිළිව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය, මෙම ව්‍යාපෘතිය ආරම්භ කළද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දැනට සිදුකරගෙන යනු ලබන සියළුම මෙහෙයුම් සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වෙන්කොට තිබෙන මුදල් ඒ අයුරින්ම ඒ අංශ වෙත ලබාදීමේ හැකියාවට කිසිදු බාධාවක් සිදු නොවන බවද විශේෂයෙන් සඳහන් කර සිටියි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ප්‍රධානම ක්‍රීඩාංගණය වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වන අතර එය 2006 වසරේදී සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියෙන් වසර 30 ක බද්දකට ලබාගෙන තිබෙන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටින ක්‍රිකට් ආයතනය, එම ක්‍රීඩාංගණයේ සැලකිය යුතු තරග සංඛ්‍යාවක් පවත්වා තිබීම සාඩම්බරයට කරුණක් ලෙසින්ද සඳහන් කර තිබේ. එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ඉහළ තලයකට රැගෙන ඒම සඳහා භාවිතයට ගැනෙන ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයද ස්ථාපනය කොට ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේය. 

ආලෝක ධාරා මධ්‍යයේ තරග පැවැත්වීම සඳහා වූ පහසුකම සහිතව ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය කොළඹ දෙවැනි මෙන්ම ශ්‍රී ලංකාවේ පස්වැනි දිවා රාත්‍රී තරග පැවැත්වීමට හැකි ක්‍රීඩාංගණය බවට පත්වනු ඇත. ආර්. ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ වර්තමාන දිවා රාත්‍රී තරග පැවැත්වීමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ බවට පත්ව තිබේ. 

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest