slc
logo
Home   |    News
මැයි 26, 2020
ෂෙහාන් මධුශංකට ක්‍රිකට් තහනම්

sinhala editor

නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටිමින් පොලිස් අත්අඩංගුවට පත් වුණු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුශංකව වහාම ක්‍රියාත්මක වන පරිදි සියළු ආකාරයේ ක්‍රිකට් තරගවලින් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (26 දා) තීරණය කරනු ලැබීය. අදාළ තහනම පැනවීමත් සමඟ ෂෙහාන්ට ජාත්‍යන්තර තරගයකට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන කිසිදු තරගාවලියකට හෝ ක්‍රිකට් හා සම්බන්ධ කුමන අන්දමේ හෝ කටයුත්තකට සහභාගිවීමේ අවස්ථාව අහිමිවනු ඇත.

මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවන ෂෙහාන් මධුශංක තවත් පුද්ගලයකු සමඟ ඉකුත් සෙනසුරාදා දින කුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් මිලිග්‍රෑම් 2.7 ක් ළඟා තබාගෙන සිටියදීය. ඒ අනුව ඔහුව ලබන ජුනි මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා පියවර ගනු ලැබුවේ.

මෙම තත්ත්වය මත ඔහුට එරෙහිව පූර්ණ විනය පරීක්ෂනයක් පැවැත්වීමට තීරණය කර තිබෙන අතර එම පරීක්ෂණය අවසන් වන තුරුම අත්හිටුවීමේ තීරණය බලපැවැත්වෙනු ඇත.

විසිපස් හැවිරිදි වියේ පසුවන ෂෙහාන් මධුශංක ඉකුත් 2018 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගත් අතර මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වූවේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 2 කට සහභාගිවී ඇති හෙතෙම කඩුලු 2 ක් දවා ගැනීමට සමත්ව සිටියි.

ෂෙහාන් මධුශංකද සමඟ එක්දින තරග ඉතිහාසයේ මංගල තරගයකදී කඩුලු ත්‍රිත්ව ලබා ගත් ක්‍රීඩකයින් ලොව පසුවන්නේ සිව් දෙනෙකු පමණි. ඉන් දෙදෙනකුම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් වන අතර අනෙක් ක්‍රීඩකයා වන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වේ.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest