slc
Home   |    News
ජූනි 3, 2020
කිසිම ක්‍රීඩකයෙක්ට තරග පාවාදීමේ විමර්ෂණයක් නෑ

Sri Lanka Cricket

තරග පාවාදීම් හෝ විෂමතා සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පරීක්ෂණ සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීමෙන් කරුණු අවධාරණය කර සිටින අතර මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කිසිදු දැනුම්දීමක් හෝ කර නොමැති බව සඳහන් කර සිටියි.

අද දිනයේදී එක්තරා දිනපතා පුවත්පතක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් විමර්ෂනයක් සිදුකරමින් තිබෙන බවට පළ කර තිබෙන පුවත සම්බන්ධව අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උක්ත කරුණ සම්බන්ධව කරුණු අවධාරණය කර සිටියි.

පාසල් වල යටිතල පහසුකම් නංවාලීම සඳහා භාවිතා කරන නඩත්තු උපකරණ  සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙත මුදල් බෙදාදීම වෙනුවෙන් ඊයේ (02 දා) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද කරුණක් උපුටා දක්වමින් එම ප්‍රවෘත්තිය පළ කර තිබෙන නමුත් එම ප්‍රවෘත්ති වාර්තාව වාර්තා කළ පරිදි වත්මන් කණ්ඩායමේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගතව සිටින කිසිම ක්‍රීඩකයකුට එරෙහිව එවැනි කිසිම පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විමර්ෂනයක් සිදු නොකරන බව යළිත් වරක් අවධාරණය කර සිටියි. මෙහිදී ගරු අමාත්‍යවරයා සැබැවින්ම එම අවස්ථාවේ සදහන් කරන ලද්දේ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද පරීක්ෂණය ගැන මිස වර්තමාන ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් පිළිබඳව නොවන බව දැඩිව විශ්වාස කරන බව මේ පිළිබඳව නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

වසර කීපයකට ඉහත හිටපු ක්‍රීඩකයින් කීප දෙනෙකුට එවැනි චෝදනාවන් එල්ල වූ නමුත්, ඒ පිළිබඳව අවධානය යොමු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක භාවය සහ ආරක්ෂාකර ගැනීමේ වැදගත් කම සහ ඒ සම්බන්ධව ගනුලබන බරපතල පියවරයන් පිළිබඳව ක්‍රීඩකයින්ට මෙන්ම නිලධාරීන්ව දැනුවත් කිරීමට පියවර ගනු ලැබීය.

එපමණක් නොව මෙරට පාසල් ක්‍රීඩාව, ක්‍රීඩා සමාජ, දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින්ආවරණය වන පරිදි දූෂණ විරෝධී වැඩසටහන් රාශියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ විරෝධී ඒකකය විසින් වැඩසටහන් රාශියක් පැවැත්වීමට පියවර ගනු ලැබීය.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest