slc
logo
Home   |    News
ජූනි 11, 2020
ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය ජුනි මසදී නොපැවැත්වේ

sinhala editor

වර්තමානය වන විට ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබේ. ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ තෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය.

එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් මෙම තරග සංචාරයට ඇතුළත් වූ නමුත් වත්මන් කොරෝනා වෛරස් තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙන බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

“ඉදිරි තරග සැලසුම මෙන්ම සෙසු සාමාජිකයන් වෙනුවෙන් කැපැවී සිටියත්, ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට පෙර ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ උපදෙස් ලැබෙන තෙක් සිටීමට සිදුවෙනවා”යි සිය තරගාවලිය අවලංගු කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වී තිබේ.

මෙම තරගාවලිය අවලංගු කිරීම පෙර ප්‍රථම එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee