slc
Home   |    News
ජූනි 25, 2020
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි

Sri Lanka Cricket

කොරෝනා වෛරසය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් ජුලි මස අග භාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් තත්ත්වය පාලනයට යටත් කර ගැනීමට සමත්වී සිටීම හේතුවෙන් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබුණද බංග්ලාදේශ ක්‍රීඩකයින්ට පුහුණුවීම් සිදුකළ හැකි වාතාවරණයක් තවමත් නිර්මාණය නොවී තිබීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතව තිබූ දෙරට අතර තරගාවලිය සඳහා ටෙස්ට් තරග 3 ක් ඇතුළත්ව තිබිණ. කෙසේ වෙතත් අදාළ තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් වශයෙන් නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි දෙවැනි කඳවුර ඉකුත් සඳුදා දින මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරිණ.

ඒ අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ සිව්වැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වන්නේය. මෙම තරගාවලියට ප්‍රථම ටෙස්ට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි එංගලන්ත කණ්ඩායම කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ආපසු සිය රට බලා පිටත්ව ගිය අතර අනතුරුව දකුණු අප්‍රිකාව සහ ඉන්දීය කණ්ඩායම්වල ශ්‍රී ලංකා තරග සංචාරද කල් දැමීමට පියවර ගනු ලැබීය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest