slc
logo
Home   |    News
ජූලි 23, 2020
අවු.25 ට අඩු ලෝක ටෙස්ට් පිලේ අංක 3 ස්ථානය කුසල් මෙන්ඩිස්ට

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩා‍වේ බයිබලය ලෙසින් සැලකෙන ‘විස්ඩන්’ මාසික ක්‍රිකට් සඟරාව විසින් වයස අවුරුදු 25 ට අඩු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත නිර්මාණය කරන ලද ලෝක ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.

2020 වසරේ ජූලි මස 17 වැනි දිනට වයස අවුරුදු 25 හෝ ඊට අඩු ක්‍රීඩකයින් යොදාගෙන නම් කරන ලද මෙම කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය මෙන්ඩිස් වෙනුවෙන් වෙන්වී තිබේ. නම් කරන ලද කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන්නේ කුසල් මෙන්ඩිස් වුවත් කණ්ඩායමේ නායකයා ලෙසින් පාකිස්තානු පිලේ ඉදිරි පෙළ පිතිකරු බාබර් අසාම්ව නම් කර තිබේ. 

කුසල් ටෙස්ට් තරග 44 කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුලු ලකුණු 2995 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ශතක 7 ක් සහ අර්ධ ශතක 11 ක් ද ඇතුළත් කර ගනිමිනි.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest