slc
Home   |    News
ජූලි 22, 2020
කොවිඩි-19 නිසා විස්සයි-20 ලෝක කුසලානෙත් කල් යයි

Sri Lanka Cricket

කොවිඩ් – 19 වසංගත තත්ත්වය තවමත් යහපත් අතට පත්නොවීම හේතුවෙන් ලබන ඔක්තෝම්බර් මසදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වසරකින් කල් දැමීමට පියවර ගෙන තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීහු තීරණය කර තිබේ.

මෙම තරගාවලිය මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව අවසන් විධායක කමිටු රැස්වීම ඉකුත්දා 20 වැනිදා අන්තර්ජාල වීඩියෝ සංවාද භාවිතයෙන් පැවැත්වුණු අතර එහිදී උක්ත තීරණයට එළැඹ තිබේ. මීට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවී තිබෙන හානිය පිළිබඳව දැඩි ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබෙන මෙම රැස්වීමේදී එම වසංගතය පවතින කාලය ඇතුළත ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යා යුතු ආකාරය පිළිබඳව වැදගත් කරුණු කීපයක්ම සාකච්ඡාවට බඳුන්වී තිබීම විශේෂත්වයක් වී තිබේ.

එළැඹෙන ඔක්තෝම්බර් මස 18 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතව තිබුණු මෙම තරගාවලිය ඊළඟ වසර හෙවත් 2021 වසර දක්වා කල් දැමීමට තීරණය වී තිබේ. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16 ක් නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියහ. 

ඒ අනුව විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ලබන 2021 වසරේ ඔක්තෝම්බර් මස නොවැම්බර් යන මාස වලදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන නමුත් සත්කාරකත්වය දරන් ලබන්නේ ඔස්ට්‍රේලියාවද එසේ නැතහොත් ඉන්දියාවද යන්න මේ වන තෙක් ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන නොමැත. කෙසේ වෙතත් ඉදිරි වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව හෝ ඔස්ට්‍රේලියාව විසින් සංවිධානය කරනු ලබන අතර 2022 තරගාවලිය ඉතිරි රට සංවිධානය කරනු ඇත.

කෙසේ වෙතත් 2021 වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් 14 වැනිදාත්, 2022 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය එම වසරේ නොවැම්බර් 13 වැනිදාත් පැවැත්වීමට තීරණය කර තිබේ.

එමෙන්ම 2023 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබෙන පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයක පෙර කාල සටහනට අනුව මාර්තු සහ අප්‍රේල් මසවලදී පැවැත්වීමට නියමිතව තිබුණත් එම අවසන් මහ තරගය ඔක්තෝම්බර් සහ නොවැම්බර් මසවලදී පැවැත්වීමට එම කමිටු රැස්වීමේදී සම්මත වී තිබේ. එම අවසන් මහ තරගය නොවැම්බර් මස 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාව සදහන් කර තිබේ.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest