slc
Home   |    News
ජූලි 28, 2020
වෙනස්කම් 2 ක් සමඟින් පළමු පෙළ ක්‍රිකට් අගෝස්තු 10 දා සිට

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 2019-20 තරගාවලියේ ව්‍යුහය තුළ වෙනස්කම් දෙකක් සිදුකිරීම සඳහා අද (28 දා) රැස් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජිකයින්ගේ අති විශේෂ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වී තිබේ.

අදාළ සංශෝධිතයන් අතර සිව් දින වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සුපිරි 8 වටයේ තරග සියල්ල දින 3 තරග වශයෙන් පැවැත්වීම මෙන්ම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායම් එම කාණ්ඩයේ උසස්වීම් ලබා දීම හෝ පහත දැමීම් අවලංගු කිරීමටද අද රැස්වුණු අති විශේෂ සභා රැස්වීමේදී තීරණය වී තිබේ. අදාළ තීරණය 2019-20 තරග වාරයට පමණක් වලංගු වන පරිදි ගෙන ඇත.

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඒ අනුව යළිත් ලබන අගෝස්තු මස 10 වැනිදා සිට පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙම තරගාවලිය අදාළ වෛරස් තත්ත්වයෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වන අතර එය අගෝස්තු මස අවසන් 8සතියේ හෙවත් එම 27 වැනිදා දින වන විට පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුව බලාපොරොත්තුවෙන් පසුවේ. 

මාර්තු මස වන විට ටියර් A තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුවට හැකියාව ලැබුණු නමුත් කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් රට වසා දැමීමට පෙර මාර්තු 16 වැනි දින සියළු ක්‍රියාකාරකම් නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබිණ.

ඒ අනුව පළමු සතියේදී සී. සී. සී. සහ රාගම කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේදීද, කෝල්ට්ස් සහ සැරසන්ස් පී. සරා පිටියේද, යුද හමුදා සහ එන්. සී. සී. එස්. එස්. සී. පිටියේදීද සහ බී. ආර්. සී. සහ හලාවත මේරියන්ස් සී. සී. සී. පිටියේදීද තරග වදිනු ඇත.

සුපිරි 8 වටයේ තරග කාල සටහන

දිනයසත්කාරක පිළප්‍රතිවාදීන්ක්‍රීඩාංගණය
අගෝස්තු10-11-12සී.සී.සීරාගමකටුනායක
 කෝල්ට්ස්සැරසන්ස්පී.සරා
 යුද හමුදාවඑන්. සී. සී.එස්. එස්. සී.
 බී.ආර්.සී.හලාවත මේරියන්ස්සී.සී.සී
අගෝස්තු 15-16-17 සැරසන්ස්සී.සී.සී.එස්. එස්. සී.
 රාගමකෝල්ට්ස්සී.සී.සී.
 හලාවත මේරියන්ස්යුද හමුදාවපී.සරා
 එන්.සී.සී.බී.ආර්.සී.කටුනායක
අගෝස්තු 20-21-22සී.සී.සී.එන්. සී. සී.පී.සරා
 කෝල්ට්ස්හලාවත මේරියන්ස්එස්.එස්.සී.
 යුද හමුදාවරාගම සී.සී.සී.
 බී.ආර්.සී.සැරසන්ස්කටුනායක
අගෝස්තු 25-26-27හලාවත මේරියන්ස්සී.සී.සී.එස්. එස්. සී.
 එන්. සී. සී. කෝල්ට්ස්සී.සී.සී.
 සැරසන්ස්යුද හමුදාවකටුනායක
 රාගමබී.ආර්.සී.පී.සරා

ප්ලේට් තරග වටයේ කාල සටහන 

දිනසත්කාරක පිලප්‍රතිවාදීන්ක්‍රීඩාංගණය
අගෝස්තු 10-11-12මීගමුවලන්කන්මොරටුව
 එස්.එස්.සී.ටැමිල් යුනියන්එන්.සී.සී
 මුවර්ස්බදුරලියකෝල්ට්ස්
අගෝස්තු16-17-18බදුරලියමීගමුවඑන්.සී.සී.
 ලන්කන්එස්.එස්.සී.කෝල්ට්ස්
 ටැමිල් යුනින්මුවර්ස්මොරටුව
අගෝස්තු 22-23-24මීගමුවටැමිල් යුනියන්කෝල්ට්ස්
 එස්.සී.සී.බදුරලියමොරටුව
 මුවර්ස්ලන්කන්එන්.සී.සී. 

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest