slc
Home   |    News
ජූලි 22, 2020
ශ්‍රීපාලි වීරක්කොඩි ක්‍රිකට් පිටියට සමුදෙයි

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 ජූලි 22

ශ්‍රී ලංකා කාන්තා පිල නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට 34 හැවිරිදි වියේ පසුවන්නීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ඇය සහභාගිවී තිබේ.

“මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව” යැයි ශ්‍රීපාලි පැවැසීය. සිය සමුගැනීමේ තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රීපාලි මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් බව සඳහන් කර සිටියාය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest