slc
Home   |    News
ජූලි 2, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් – මයිකෝලා වසර 3 ක සම්බන්ධතාවයක

Sri Lanka Cricket

මෙරට දේශීය සිසිල් බීම සමාගමක් වන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම සහකරු වශයෙන් සහයෝගීතාවයකට එළැඹ සිටියි. මේ වසරේ ජූලි පළමුවැනිදා සිට වසර ඉදිරි වසර 03 ක කාලයක් සඳහා දෙපාර්ශ්වය ගිවිසුම් ගතව සිටින අතර ඒ පිළිබඳ වූ ගිවිසුම ඊයේ (01 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී අත්සන් තැබිණ.

අදාළ ගිවිසුම අත්සන් තැබුණු අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, “අපගේ සිසිල් බීම සහකරු ලෙස මයිකෝලා බීම වර්ගය අත්වැල් බැඳගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුටට පත්වනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට්  සමඟ සම්බන්ධව කටයුතු කිරීමේදී ඔවුන් දක්වන උනන්දුව අගය කර සිටිනවා. මේ සම්බන්ධතාවය හරහා ලොව පුරා සිටින ක්‍රිකට් රසිකයින් අතරට යෑමේ අවස්ථාව මයිකෝලා ආයතනයා හිමිවනවා”යි සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මොහාන් ද සිල්වා මහතාත්, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මහින්ද පෙරේරා මහතාත් ගිවිසුමට අත්සන් තැබූහ. එම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලීද සිල්වා, මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ප්‍රනාන්දු  මෙන්ම විස්සයි-20 නායක ලසිත් මාලිංග යන මහත්වරු සහභාගාවූහ. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි මොහාන් ද සිල්වා මහතා, “Covid 19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය මාස කීපයේදී සියළු ආකාරයේ ක්‍රිකට් තරග නැවැත්වුණු බැවින් මෙම සම්බන්ධතාවය ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් අවස්ථාවක් නිර්මාණය කරනවා. ඒ වගේම එය ක්‍රීඩාව සහ ක්‍රිකට් රසිකයින්ගේ ප්‍රයෝජනය සඳහා සක්‍රීය තරගකාරීත්වයක් නිර්මාණය කිරීමට ඉවහල් වන බවත් සඳහන් කර සිටියේය.

මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන සියළු උත්සව අවස්ථාවන්ට, ආගන්තුක සත්කාරක ස්ථාන වලට මෙන්ම ආගන්තුකයින්ට, ප්‍රභූවරුන්ට මෙන්ම සියළුම ක්‍රීඩකයින්ට සංග්‍රහ කිරීමේ අයිතිය මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම සැලකිය යුතු ආයෝජනයක් සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගීතාවයට එළැඹීම පිළිබඳව අදහස් දක්වා සිටි මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල්බීම සහකරු ලෙස පත්වීඹට හැකියාව ලැබීම සිය 16 වසරක ආයතන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇති බවයි. “අන්තර්ජාතික සන්නාමයන්ට සමගාමීව රසවත් සහ ගණාත්මක බවින් යුත් පාන වර්ග රාශියක් වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට වෙහෙස නොබලා අප ගනු ලැබූ උත්සාහයට සාධාරණත්වයක් ඉටු කිරීමක් ලෙසින් අපි මෙම සම්බන්ධතාවය සලකනු ලබනවා” යැයි සඳහන් කළ ශ්‍යාම් ප්‍රනාන්දු මහතා “මෙය සත්‍ය වශයෙන්ම අපගේ විශිෂ්ඨත්වය අඛණුඩව පවත්වාගෙන යෑමට අධිෂ්ඨානයක් එක් කරනු ලබන ශක්තිමත් කඩඉමක් වනවාඑබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව උදාවීම ගැන අපි ආඩම්බර වෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest