slc
Home   |    News
අගෝස්තු 27, 2020
පාසල් ක්‍රීඩකයින්ගේ දත්ත ඇතුළත් මාර්ගගත පද්ධතියක්

Sri Lanka Cricket

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සියළු විස්තර සහ දක්ෂතා ඇතුළත් “මාර්ගගත දත්ත පද්ධතියක්” (On Line Data Basis) සකස් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ අවධානය යොමු වී තිබේ. ලකුණු රැස්කිරීම, පිතිකරණ විලාශයන්, පන්දු යැවීම සහ පන්දු රැකීම ඇතුළත් සියළු විස්තර මේ දත්ත පද්ධතියට ඇතුළත් කෙරෙනු ඇත.

ඒ අනුව අවුරුදු 13න් පහළ පාසල් කණ්ඩායම් 726 ක්, අවුරුදු 15න් පහළ කණ්ඩායම් 609 ක්, අවුරුදු 17න් පහළ කණ්ඩායම් 296 ක් සහ අවුරුදු 19න් පහළ කණ්ඩායම් 260 ක ක්‍රීඩකයන්ගේ සියළු විස්තර මේ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති, නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහෝවා මහතා සඳහන් කරයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් තිස් දහසකට ආසන්න ප්‍රමාණයකගේ ක්‍රීඩා දක්ෂතාවන් වලට අමතරව ඔවුනගේ සම්පූර්ණ නම්, උපන් දිනයන් සහ පුහුණුකරුවන්ගේ තොරතුරු ද මෙකී දත්ත ගබඩාවට ඇතුළත් කෙරේ.

මෙම දත්ත් පද්ධතියට අවශ්‍ය තොරතුරු රැස් කොට ගබඩා කරගන්නා ලෙස මේ වන විටත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සියළුම පාසල්වලට දන්වා යවා ඇති අතර එම සියලු තොරතුරු දිස්ත්‍රික්ක මට්ටමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායම් ප්‍රධාන කාර්යාලයේදී පරිගණක ගත කෙරෙන ඇත. මෙම සියළු කටයුතු මාසයක් වැනි කාලයක් තුළ අවසන් කිරීමට පාසල් ක්‍රිකට් සංගම් බලධාරීහු අපේක්ෂාවෙන් පසුවෙති.

ජාතික කණ්ඩායම් නම් කිරීමේදී එම සංචිත සකස් කිරීම කනිෂ්ට තේරීම් කමිටු නිලධාරීන්ට පහසු කරවන බව විශ්වාසය පළ කර සිටින පාසල් ක්‍රිකට් සංගම් බලධාරීහු, එම කටයුත්තට අමතරව සියළු පාසල් ක්‍රිකට් තරගවල එදිනෙදා ප්‍රතිඵල ද දත්ත පද්ධතියෙහි ගබඩා කිරීමට අපේක්ෂා කර සිටින බවද ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් සභාපතිවරයා අවධාරණය කර සිටියි.

‍මෙතරම් ක්‍රීඩකයින් සංඛ්‍යාවකගේ විස්තර ඇතුළත් මාර්ගගත දත්ත පද්ධතියක් හදුන්වාදෙනු ලබන්නේ පාසල් ක්‍රිකට් තරග ඉතිහාසයේ ප්‍රථමවතාවට බවද පාසල් ක්‍රිකට් සංගමය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

බන්දුල මොල්ලිගොඩ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest