slc
logo
Home   |    News
අගෝස්තු 19, 2020
සුපිරි අටේ ප්‍රසාද ලකුණු සටහනත් උණුසුම් වෙයි

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය යටතේ සහභාගිවුණු දෙවැනි තරගයෙන් අනපේක්ෂිත ලෙස සැරසන්ස් කණ්ඩායම හමුවේ පළමු ඉනිමේ පරාජයකට මුහුණ දුන්නද එම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 78.44 ක් ලබා ගනිමින් තවමත් එහි පළමු තැන රැඳී සිටීමට වත්මන් ලීග් ශූරයින් වන සී. සී. සී. කණ්ඩායම සමත්ව සිටියි.

රාගම පිල හමුවේ කෝල්ට්ස් පිල ලද අනපේක්ෂිත පූර්ණ තරග පරාජය හේතුවෙන් මෙතෙක් කලක් තෙවැනි ස්ථානයේ රැඳී සිටි කෝල්ට්ස් කණ්ඩායමට රැදී සිටි තෙවැනි ස්ථානය අහිමිව සිව්වැනි ස්ථානය දක්වා පහත ගොස් සිටින අතර යුදහමුදාවට එරෙහිව පූර්ණ තරග ජයක් වාර්තා කළ හලාවත මේරියන්ස් පිල එහි තෙවැනි ස්ථානයට පැමිණ සිටියි.

සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තරග වට 2 ක් අවසන් වී තිබුණත් ලීග් ශූරයින් වන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව සඳහන් කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. සැරසන්ස් හමුවේ සී. සී. සී. ලද පරාජය එම තත්ත්වයට හේතු වී තිබේ.

බී. ආර්. සී. ට එරෙහිව පැවැති තරගයේදී එන්. සී. සී. පිල පළමු ඉනිමේ පරාජයක් ලැබුවද එම තරගයේදී වැඩි ලකුණු වාර්තා කිරීමට එන්. සී. සී. පිල සමත්වීමත් බී. ආර්. සී. කණ්ඩායම ඉනිම දෙකේදීම නිමා කිරීමට සමත්වීමත් නිසා තවමත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය වෙන් වී තිබේ.

කෙසේ වෙතත් සී. සී. සී. අභිබවා යෑමට නම් ඉදිරියේදී පැවැත්වෙන තරග 2 එන්. සී. සී. පිලට මෙන්ම හලාවත මේරියන්ස් පිලටද වඩා වැදගත් වනු ඇත. මෙකී තත්ත්වය මත සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ ප්‍රසාද ලකුණු සටහන මේ වනි විට ඉතා උණුසුම් මුහුණුවරකට පත්ව තිබේ.

ප්ලේට් තරග වටයේදී ටැමිල් යුනියන් පිල පරදවා පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට මුවර්ස් කණ්ඩායම සමත්වීමත් සමඟ මෙතෙක් කලක් තෙවැනි ස්ථානයේ රැඳී සිටි මුවර්ස් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි.

මුවර්ස් සහ මීගමුව ක්‍රීඩා සමාජ අතර ප්‍රසාද ලකුණු සටහනේ පරතරය ලකුණු 3 කටත් වඩා අඩු අගයක් ගෙන තිබීම හේතුවෙන් ප්ලේට් ශූරයින් වීමට දෙපිල අතර පවතින්නේ ප්‍රබල සටනකි. මුවර්ස් කණ්ඩායම හමුවේ ලද පරාජය හේතුවෙන් ඉකුත් තරග වාරයේදී දෙවැනි ස්ථානයේ පසුවූ ටැමිල් යුනියන් පිල මේ වන විට තෙවැනි ස්ථානය දක්වා පහත බැස සිටින නමුත් ඔවුන්ටත් තවදුරටත් ප්ලේට් ශූරයන් වීමේ සිහින ඉතිරිව තිබේ.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee