slc
logo
Home   |    News
අගෝස්තු 17, 2020
සුපිරි අට තරග වටය උණුසුම් වෙයි

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ අද (17 දා) නිමාවට පත් වුණු තරග 4 ම අතිශයින්ම තියුණු මුහුණුවරක් ගනු ලැබීය. එහිදී රාගම සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වද්දී සෙසු තරග 2 ම විසඳුමකට ආසන්නතම අවස්ථාවන් වලට පැමිණ අවසන් වීම කැපී පෙනිණ.

මෙහිදී රාගම පිල විසින් කෝල්ට්ස් පිලට එරෙහිව ලකුණු 103 ක් සහ හලාවත මේරියන්ස් පිල යුද හමුදාවට එරෙහිව ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට සමත්වූහ. ලීග් ශූරතාවය දිනා ගැනීම සඳහා මේ වන විට වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගෙන සිටින සී. සී. සී. කණ්ඩායමට එරෙහිව ප්‍රබල සටනක් ලබා දුන් සැරසන්ස් කණ්ඩායම පන්දුවාර 81 කදී ලකුණු 311 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගියයේය. එහිදී  මිලින්ද සිරිවර්ධන ක්‍රීඩා කරන ලද නායකත්වයේ ඉනිම ප්‍රධාන කොට තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 283 ක් ලබා ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණීමට සැරසන්ස් පිලට හැකියාව ලැබිණ.

මීට අමතරව පන්දුවාර 44 කදී ලකුණු 282 ක ඉලක්කයක් හඹා ගිය එන්. සී. සී. කණ්ඩායමේ පළමු කඩුලු 9 ම ලකුණු 227 කදී බිඳ දමමින් ජයග්‍රහණය අත පොවන මායිමට පැමිණීමට බී. ආර්. සී. පිල සමත්විය. කෙසේ වෙතත් අවසන් පිතිකරුවන් යුගලය සිය කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත්වීම නිසා තරගයේ පරාජය පෙනි පෙනී තිබූ තරගය වාසනාවන්ත ලෙසින් ජයපැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට එන්. සී. සී. පිලට හැකියාව ලැබිණ. 

රාගමට ලකුණු 103 ක ජයක්

අද නිමාවට පත්වුණු තරග අතරින් ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන ලද තරගය බවට පත් වුණු මෙම තරගයේදී ජයග්‍රහය සඳහා පන්දුවාර 55.5 කදී ලකුණු 316 ක් ලබා ගැනීමේ අභියෝගය කරට ගෙන පිටිට පිවිසි කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 78 ක සාර්ථක ආරම්භයක් එක් කිරීමට සධීර සමරවික්‍රම සහ අවිශ්ක ප්‍රනාන්දු සමත්විය. 

එහිදී කණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණු එකම අර්ධ ශතකය (69) සධීරගේ පිත්තෙන් වාර්තා වද්දී අවිෂ්ක ලකුණු 44 ක් ලබා ගත්තේය. එම ශක්තිමත් සම්බන්ධතාවය හැරුණු කොට අනතුරුව පිටියට පිවිසි එකම පිතිකරුවකු, ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැංවීමට තබා ලකුණු 20 සීමාව හෝ ඉක්මවාලීමට අසමත්වූහ. 

රාගම පළමු ඉනිම පන්දුවාර 63 කදී ලකුණු 258 යි – (සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුශංඛ 57, අකිල ධනංජය 24/4, ප්‍රභාත් ජයසූරිය 76/3) 

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 57.3දී 163යි(සංතූෂ් ගුණතිලක 33, ඇන්ජලෝ මැතිව්ස් 22, දිල්රුවන් පෙරේරා 20, ශෂික දුල්ෂාන් 45/6, බිනුර ප්‍රනාන්දු 38/2) 

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 65.2 කදී 220 යි – (රොෂේන් සිල්වා 67, ළහිරු තිරිමාන්න 63, ෂමින්ද ප්‍රනාන්දු 17, ප්‍රභාත් ජයසූරිය 69/5, අකිල ධනංජය 44/4)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 55.5 කදී ලකුණු 212 යි – අවිෂ්ක ප්‍රනාන්දු 44, සධීර සමරවික්‍රම 69, ඇන්ජලෝ මැතිව්ස් 18, ප්‍රියමාල් පෙරේරා 15, ඩිල්රුවන් පෙරේරා 19, අකිල ධනංජය 13, ඉෂාන් ජයරත්න 31/3, කල්හාර සේනාරත්න 28/3,අමිල අපෝන්සෝ 48/3)

මේරියන්ස් පිලට ලකුණු 45 ක ජයක් 

ලීග් ශූරයින් බවට පත්වීමට නම් ජයග්‍රහණය අතිශය තීරණාත්මක වුණු මෙම තරගයේදී පන්දුවාර 36.3 කදී ලකුණු 295 ක ඉලක්කයක් හඹා යෑමේ වගකීම කරට ගෙන පිටියට පිවිසි යුද හමුදා පිල වේගවත් ආරම්භයක් ලබා ගනිමින් මේරියන්ස් පිලට අභියෝගයක් එල්ල කළේය. මියෙම්වා රැකෙම්වා සටනක් දියත් කළ යුද හමුදා පිලේ ඉනිම ඇරැඹි ආරම්භක පිතිකරු අශාන් රන්දික පන්දු 84 කදී වේගවත් ලකුණු 133 ක් ලබා ගන්නා ලද්දේ හයේ පහර 10 ක් සහ හතරේ පහර 9 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. 

ඔහුට අනගි සහායක් ලබා දුන් ඉකුත් තරගයේ ශතක ලාභී තුලින ඩිල්ෂාන් ලකුණු 39 ක් ලබා ගැනීම හැරුණු කොට සෙසු එකම පිතිරුවකු හෝ කණ්ඩායමට වෙනුවෙන් දෙයක් කිරීමට අපොහොසත් වූහ. අනතුරුව පිටියට පිවිසි පිතිකරුවන් අතරින් නායක අසේල ගුණරත්න පමණක් ලකුණු 18 ක් ලබා ගත්තේය. 

පන්දු යැවීමේදී නිමේෂ් විමුක්ති සහ ෂෙහාන් ජයසූරි කඩුලු 4 බැගිල් දවාලමින් යුද හමුදා පිල අමාරුවේ දැමූහ. 

හලාවත මේරියන්ස් පළමු ඉනිම 269යි (ෂෙහාන් ජයසූරිය  95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, තීක්ෂිල ද සිල්වා 22, අසේල ගුණරත්න 38/3, දුෂාන් විමුක්ති 90/3) 

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 70 කදී සියලුදෙනා දැවී ලකුණු 216යි  – (අසේල ගුණරත්න 43*, දිනේෂ් චන්දිමාල් 62, සීක්කුගේ ප්‍රසන්න 36, මහේෂ් කුමාර 36, අසිත ප්‍රනාන්දු 71/4, නිමේෂ් විමුක්ති 39/2)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 63 කදී ලකුණු 241 යි – (කසුන් විදුර 73, කමිඳු මෙන්ඩිස් 22, ඕෂධ ප්‍රනාන්දු 19, රුමේෂ් බුද්ධික 16, ප්‍රසන්න සික්කුගේ 101/6)

යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 36.3 කදී ලකුණු 249 යි – (අශාන් රන්දික 133, තුලින ඩිල්ෂාන් 39, මහේෂ් කුමාර 13, අසේල ගුණරත්න 18, හිමාෂ ලියනගේ 13, දුෂාන් විමුක්ති 13, නිමේෂ් විමුක්ති 23/4, ෂෙහාන් ජයසූරිය 66/4, තික්ෂිල ද සිල්වා 38/2)

මිලින්දගේ ඉනිමෙන් සී.සී.සී. බලාපොරොත්තු මිලින වෙයි

දිනයේ පැවැති තරග 4 අතුරින් හෘද ස්පන්ධනය වැඩි කරවන තරගයක් බවට පත් වුණු මෙම තරගයේදී නායක මිලින්ද සිරිවර්ධන ඉනිමෙන් සැරසන්ස් කණ්ඩායමේ නම්බුව ආරක්ෂා කරගත්තා පමණක් නොව විටෙක සී. සී. සී. නායකයාගේ නළලතද රැළිගන්වන්නක් බවට පත්වූවා නිසැකය.

ලකුණු පුවරුවේ උණුසුමටත් වඩා ක්‍රීඩා පිටිය උණුසුම් වුණු තරගයක් වූ මෙම තරගයේදී සැරසන්ස් පිලට පන්දුවාර 81 කදී ලකුණු 311 ක් ලබා ගැනීමේ අභියෝග හිමි වූ අතර එය සාර්ථකව හඹා ගිය සැරනස්ස් පිතිකරුවෝ නියමිත වේලාවට තරගය නිමා කරද්දී කඩුලු 6 ක් දැවී ලකුණු 283 ක් ලබා ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණීමට සමත්වූහ.

එහිදී කැපී පෙනුණු නායක මිලින්ද පන්දු 180 කදී ලකුණු 151 ක් රැස් කර ලද්දේ සි ඉනිම හපෙහර 3 කින් සහ හතරේ පහර 10 කින් වර්ණවත් කරගනිමිනි.

සී.සී.සී පළමු ඉනිම 142යි (මිනෝද් භානුක 92 , අෂාන් ප්‍රියංජන් 22, රොන් චන්ද්‍රගුප්ත 10, කසුන් රාජිත 63/5 සමන් ජීවන්ත 33/3) 

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 49.3දී සියලු දෙනා දැවී 183යි   (මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ 34*, ළහිාරු ගමගේ 29/5, විශ්ව ප්‍රනාන්දු 37/3, ළහිරු මධුශංක 33/2)

සී.සී.සී. දෙවන ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 7 ට ලකුණු 351 යි  (ලසිත් අබේරත්න 101*, ළහිරු මධුශංඛ 63, අෂාන් ප්‍රියංජන් 39, රොන් චන්ද්‍රගුප්ත 39, මිනෝද් භානුක 37, කුසල් මෙන්ඩිස් 21, ළහිරු ගමගේ 29*, කසුන් රාජිත 104/4)

සැරසන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 6 ට ලකුණු 283 යි – (මිලින්ද සිරිවර්ධන 151, ප්‍රමෝද් මදුවන්ත 54, අෂේන් බණ්ඩාර 13, ගමිඳු කණිෂ්ක 21, සාලිය සමන් 12*, චාමිකර එදිරිසිංහ 13*,විශ්ව ප්‍රනාන්දු 38/3, ලක්ෂාන් සඳකැන් 64/2)

දුවිඳු තිලකරත්න කඩුලු 13 යි

බී.ආර්.සී. – එන්. සී. සී. 

තරගයේ ආරම්භයේ සිටම පාලනයේ තබා ගත් බී. ආර්. සී. කණ්ඩායම 31 වැනි පන්දුවාරය වන විට එන්. සී. සී පිලේ පළමු පිතිකරුවන් 8 දෙනාම ලකුණු 199 කදී දවා ගැනීමට සමත්විය. සිය කඩුලු දඩයමේ 7 වැනි ගොදුර ලෙසින් නායක ඇන්ජලෝ පෙරේරාව දවා ගත් දුවිඳු තිලකරත්න අවසන් පිතිකරුවන් තිදෙනා වූ  අෂේන් ඩැනියල්, ළහිරු කුමාර සහ දිලේෂ් ගුණරත්නට පන්දු 84 කින් බේරී සිටීමේ අභියෝගයක් භාර දුන්නේය.

එහිදී තරගය නිමා වීමට යවන ලද අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවට පන්දු 46 කදී ලකුණු 12 ක් ලබා සිටි අෂේන් ඩැනියෙල් දවා ගැනීමට සමත්වීම නිසා තරගය තවත් උණුසුම් වන්නට විය. 

කෙසේ වෙතත් අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි දිලේෂ් ගුණරත්න එක් ලකුණක් ලබා ඉතිරි පන්දු වලට මුහුණ දීමට ළහිරු කුමාරට අවස්ථාව සලසා දීම නිසා පරාජයේ කටට වැටී සිටි එන්. සී. සී. පිලට සැනසුම් සුසුම් හෙළීමට හැකියාව ලැබිණ.

සමස්ථ තරගයේදීම තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු දුවිඳු තිලකරත්න පළමු ඉනිමේදී නොදැවී ලකුණු 53 ක්ද පන්දු යවමින් සමස්ථ තරගයේදී කඩුලු 13 ක්ද බිඳ හෙළමින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීය. මෙහිදී පළමු ඉනිමේදී ලකුණු 63 කට කඩුලු 6 ක් දවා ගත් දිවිඳු දෙවැනි ඉනිමේදී යළිත් ක්‍රියාත්මක වෙමින් ලකුණු 55 කට කඩුලු 7 ක් බිඳ හෙළුවේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදී ලකුණු 118 කකෙඩුලු 13 ක් බිඳ හෙළමින් බී. ආර්. සී. පිලේ බලාපොරොත්තු ඉහළ නැංවීය. 

බී.ආර්.සී පළමු ඉනිම 316යි –  (භානුක රාජපක්ෂ 115, හෂේන් රාමනායක 36, දේශාන් ඩයස් 31, දුවිඳු තිලකරත්න නොදැවී 53, අෂේන් ඩැනියල් 98/4, ළහිරු කුමාර 63/2) 

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 65.2 දී  ලකුණු 275 යි – (ළහිරු උදාන 90, චාමික කරුණාරත්න 93, සහන් ආරච්චිගේ 26, දුවිඳු තිලකරත්න 63/6, භානුක රාජපක්ෂ 22/2, හසේන් රාමනායක 44/2) 

බී.ආර්.සී. දෙවන ඉනිම පන්දුවාර 58.5 කදී ලකුණු 240 යි – (භානුක රාජපක්ෂ 110*,ශානුක දුලාජ් 36, රමින්ද විජේසූරිය 29, දුවිඳු තිලකරත්න 19, ළහිරු කුමාර 76/4, දිලේෂ් ගුණරත්න 21/2, චාමික කරුණාරත්න 37/2)

එන්.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 44 කදී කඩුලු 9ට ලකුණු 227 යි – (ළහිරු උදාර 93, මහේල උඩවත්ත 18, උපුල් තරංග 26, ඇන්ජලෝ පෙරේරා 37, අෂේන් ඩැනියෙල් 12, ළහිරු කුමාර 12*, දුවිඳු තිලකරත්න 55/7)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar