slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2020
නිරෝධායනයට ඉඩ ලබා දෙන්න එල්.පී.එල්. දින වෙනස් වෙයි

Sri Lanka Cricket

නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ආරම්භක දිනය නොවැම්බර් 21 වැනිදා දක්වා වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද රජයේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව තරගාවලිය නියෝජනය කරනු ලබන සමස්ථ ක්‍රීඩකයින්ගේ ‘නීරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ සිටියි.

නීරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා වූ අවකාශය නිර්මාණය කරදීමට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් එල්. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩකයන් වෙත ඒ සදහා අවස්ථාව ලබා දීමද උක්ත තීරණයේ තවත් අරමුණක් බවට පත්ව තිබේ.

” අයි. පී. එල්. තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඊට සහභාගි වූ ක්‍රීඩකයන් එල්. පී. එල් සඳහාත් සහභාගි වීමේ බලාපොරොරොත්තුවෙන් ඉන්නවා. ඒ හේතුවෙන් තරගාවලි දෙක අතර යම් කාල සීමාවක් පැවතිය යුතු බව අපි තීරණය කළා” යැයි එල්.පී.එල්. තරගාවලියේ දින සංශෝධනය කිරීම පිළිබඳව එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

තරගාවලියේ දින වෙනස් වීම මත ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එල්.පී.එල්. තරගාවලියේ ‘ක්‍රීඩක කෙටුම්පත’ (Player Draft) ඔක්තෝබර් 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. එල්.පී.එල්. තරගාවලිය  නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි සමස්ථ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ලබා ගැනීමේ අවස්ථාව ඒ ඒ කණ්ඩායම්වල හිමිකරුවන්ට මිලදී ගැනිමේ හැකියාව ඇත.

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest