slc
Home   |    News
සැප්තැම්බර් 11, 2020
එල්.පී.එල්. වෙන්දේසියට 150 ක් සුදුස්සෝ වෙති

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 සැප්තැම්බර් 11

මෙරට පවත්වා ඇති විස්සයි-20 ජාතික ක්‍රිකට් තරගාවලියන්හි ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිති.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇත.

විස්සයි-20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගිවීමේ උනන්දුවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ,  ශහිඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටෝ, කොලින් මුන්රෝ,  ලුක් රයිට් සහ වර්නන් පිලෙන්ඩර් ඒ අතරින් කැපී පෙනෙති.

අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අයැදුම් කර සිටින අතර, මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති එම ක්‍රීඩකයෝ වෙති.

දේශීය තරග පිටියේ නියැළෙන ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ටත් නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

~END~

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest