slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2020
යුද හමුදාව-කෝල්ට්ස්-එස්.එස්.සී-මේරියන්ස් පෙරමුණ ගනිති

Sri Lanka Cricket

23 න් පහළ තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසන් වන විට යුද හමුදාව, හලාවත මේරියන්ස්, කෝල්ට්ස් සහ එස්. එස්. සී. අදාළ කාණ්ඩවල පෙරමුණ ගෙන සිටියහ.

පැවැති තරග වලදී යුද හමුදාව, කෝල්ට්ස් සහ එස්. එස්. සී. කණ්ඩායම් මුහුණ දුන් තරග 3 න් 3 ම ජය ගනිමින් එහි ප්‍රමුඛත්වය ලබා ගනිද්දී හලාවත මේරියන්ස් පිල ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක් ජය ලබා බී කාණ්ඩයේ පෙරමුණට පැමිණ සිටියි.

මේ දින වල පවතින වර්ෂාව හේතුවෙන් තරග කිහිපයක්ම නොවිසඳුණු තරග ලෙසින් නිමාවට පත් වුණු අතර එහි වැඩිම බලපෑම පානදුර ක්‍රීඩා සමාජයට අත් විඳීමට සිදුව තිබේ. පානදුර ක්‍රීඩා සමාජය ක්‍රීඩා කරන ලද තරග 3 න් 2 ක්ම වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වී තිබෙන තරග වන අතර මීගමුව සහ රාගම එක් තරග බැගින් අතහැර දැමීමට සිදුව ඇති අනෙක් කණ්ඩායම් යුගල වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee