slc
logo
Home   |    News
සැප්තැම්බර් 15, 2020
රණජයපුර විදුහලට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් උපකරණ තොගයක්

Sri Lanka Cricket

ගිනිගෙන විනාශයට පත් කැකිරාව රණජයපුර විදුහලේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගනු ලබන තණතීරු අතුරණය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හරහා ඔවුනට නව තණතීරු අතුරණයක් ඇතුළු ක්‍රීඩා උපකරණ තොගයක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පියවර ගනු ලැබීය.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන ලද මෙම උපකරණ තොගයට ක්‍රීඩා උපකරණ කට්ටල ඇතුළත් බෑග් 02 ක්ද ලබා දීමට පියවර ගනු ලැබීය.
අදාළ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මානව සම්පත් අංශ ප්‍රධානී ටනේෂ් බී. ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු අජිත් බණ්ඩාර ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් සහභාගීවී සිටියහ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest