අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිටයේ අවසන් සති 2 එළැඹෙත්ම හෙවත් 6 වැනි දින අවසානයේදී මෙතෙක් දවස් පළමු ස්ථානයේ වැජඹුණු එස්. එස්. සී. පිල දෙවැනි තැනට ඇද දමමින් එහි පෙරමුණ ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්ව සිටියි.
පෙරමුණ ගැනීමට සමත්ව සිටියද දෙපිළ සහභාගිවී සිටින තරග සංඛ්‍යාව සංසන්දනාත්මක බැලීමේදී ටැමිල් යුනියන් පිල තරග 6 කටත් එස්. එස්. සී. පිල තරග 5 කටත් ක්‍රීඩා කර තිබෙන නමුත් දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 24 ක් ලෙසින් සටහන් වේ. ටැමිල් යුනියන් තරග 6 කදී තරග 5 ක්ද එස්. එස්. සී. පිල. තරග 5 න් 5 ම ජයගනිමින් ප්‍රසාද ලකුණු සම මට්ටමේ පවත්වාගෙන යෑමට සමත්ව සිටියද දල ලකුණු ලබා ගැනීමේ වේගය, එස්. එස්. සී. පිලට ටැමිල් යුනියන් පිලේ ඉදිරියෙන් පැවැතීම නිසා පළමු ස්ථානය ටැමිල් යුනියන් පිලට වෙන්ව තිබේ.
ඒ කාණ්ඩය යටතේ සුපුරුදු පරිදි යුද හමුදා කණ්ඩායම පෙරමුණේ පසුවන නමුත් ඔවුන්ගේ ආසන්නයටම පැමිණීමට බදුරලිය ක්‍රීඩා සමාජය සමත්ව සිටියි. ඊට අමතරව බී කාණ්ඩයෙන් ලක්නක් ද සී කාණ්ඩයෙන් කෝල්ට්ස් කණ්ඩායමද පෙරමුණේ පසුවේ.
පළමු වටයේ පැවැත්වීමට නියමිත සියළුම තරග හෙට (04 දා) දිනයේදී අවසන් වන අතර එහිදී අවසන් පූර්ව තරග අවස්ථාවට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න අතර පවතින්නේ දැඩි තරගයකි. එහිදී යුද හමුදාව සහ බදුරලිය අතර ඒ කාණ්ඩය යටතේ තියුණු තරගයක් පවතින අතර හෙට පැවැත්වෙන තරග වලදී බදුරලිය බෝනස් ලකුණද සමඟින් ජය වාර්තා කිරීමට සමත් වුවහොත් ඊළඟ තරග වටයට යෑමේ වැඩි ඉඩ කඩක් නිර්මාණය කරගනු ඇත.
වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – හයවැනි සතිය | |||||||
A කාණ්ඩය | තරග | ජය | පරාජ | සම/නොවිසඳුණු | බෝනස් | ප්‍ර.ලකුණු | ද.ල.ල.වේග |
යුද හමුදාව | 5 | 4 | 1 | 0 | 3 | 19 | 1.249 |
බදුරලිය | 5 | 4 | 1 | 0 | 2 | 18 | -0.054 |
සෙබස්තියනයිට්ස් | 5 | 3 | 2 | 0 | 3 | 15 | 0.962 |
බී.ආර්.සී. | 5 | 3 | 2 | 0 | 3 | 15 | 0.353 |
නුගේගොඩ | 5 | 3 | 2 | 0 | 2 | 14 | 0.373 |
පොලිස් | 5 | 1 | 4 | 0 | 0 | 4 | -0.999 |
නාවික හමුදාව | 6 | 0 | 5 | 0 | 0 | 0 | -1.606 |
B කාණ්ඩය | |||||||
ලන්කන් | 4 | 2 | 1 | 1 | 2 | 12 | 1.259 |
ගුවන් හමුදාව | 4 | 3 | 1 | 0 | 0 | 12 | -0.250 |
හලාවත මේරියන්ස් | 4 | 2 | 2 | 0 | 2 | 10 | 0.258 |
මීගමුව | 4 | 1 | 1 | 2 | 1 | 9 | 1.770 |
රාගම | 4 | 1 | 1 | 1 | 1 | 7 | -0.979 |
පානදුර | 4 | 0 | 2 | 2 | 0 | 4 | -1.119 |
C කාණ්ඩය | |||||||
කෝල්ට්ස් | 4 | 4 | 0 | 0 | 3 | 19 | 2.013 |
මුවර්ස් | 4 | 3 | 1 | 0 | 2 | 14 | 0.063 |
එන්.සී.සී. | 4 | 2 | 1 | 1 | 2 | 12 | 1.591 |
කලුතර නාගරික | 4 | 2 | 2 | 0 | 1 | 9 | -0.007 |
වරාය අධිකාරිය | 4 | 0 | 3 | 1 | 0 | 2 | -1.848 |
සැරසන්ස් | 4 | 0 | 4 | 0 | 0 | 0 | -2.633 |
D කාණ්ඩය | |||||||
ටැමිල් යුනියන් | 6 | 5 | 1 | 0 | 4 | 24 | 2.048 |
එස්.එස්.සී. | 5 | 5 | 0 | 0 | 4 | 24 | 1.414 |
සී.සී.සී. | 5 | 3 | 2 | 0 | 3 | 15 | 1.885 |
ගාල්ල | 5 | 3 | 2 | 0 | 1 | 13 | 0.417 |
බ්ලූම්ෆීල්ඩ් | 5 | 1 | 3 | 1 | 0 | 6 | -2.108 |
කුරුණෑගල තරුණ | 5 | 0 | 4 | 1 | 0 | 2 | -1.206 |
කැන්ඩි කස්ටම්ස් | 5 | 0 | 5 | 0 | 0 |