slc
Home   |    News
ඔක්තෝබර් 5, 2020
අවසන් පූර්ව සටනේදී බදුරලිය-එස්.එස්.සී සහ ලන්කන් – කෝල්ට්ස් ගැටෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ නොසිතූ පෙරැළියක් සිදුකරමින් බදුරලිය ක්‍රීඩා සමාජය අවසන් කණ්ඩායම් 4 අතර හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්විය. ඒ අනුව අදාළ අර්ධ අවසන් තරග වටයේදී බදුරලිය ක්‍රීඩා සමාජය එස්. එස්. සී. පිල සමගත් ලන්කන් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමගත් තරග වැදීමට නියමිතව සිටිති.

තරගාවලියේ 6 වැනි සතිය අවසන් වන තෙක්ම ඒ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියේ යුද හමුදා කණ්ඩායම වූ නමුත්, දෙවැනි තරග වටයට සුදුසුකම් ලැබීමට ජයග්‍රහණය අනිවාර්ය වූ පොලිසියට එරෙහි තරගයේදී කඩුලු 5 ක ජයක් ලද බදුරලිය ක්‍රීඩා සමාජය ඒ කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින් අවසන් 4 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීය.

මේ අතර අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර අවම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් සුදුසුකම් ලබා සිටින්නේ බී කාණ්ඩය යටතේ තරග වැදි ලන්කන් ක්‍රීඩා සමාජයයි. ඔවුන් මූලික වටය යටතේ තරග වැදි තරග 5 න් 3 ක් ජයගනිමින් එම අවස්ථාව දිනා ගනිද්දී සී සහ ඩී කාණ්ඩ  යටතේ තරග වැදි කෝල්ට්ස් සහ එස්. එස්. සී. තරග වැදි සියළුම තරග ජය ගනිමින් අපරාජිතව අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා සිටිති.

මෙම අර්ධ අවසන් තරග වටය ඔක්තෝම්බර් 07 වැනිදා පැවැත්වෙන අතර එහිදී එහිදී බදුරලිය – එස්. එස්. සී, සී. සී. සී. පිටියේදීද ලන්කන් සහ කෝල්ට්ස් එන්. සී. සී. පිටියේදීද තරග වදිනු ඇත. මෙම තරගාවලියේ අවසන් මහ තරගය ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest