ක්‍රීඩකයින්ගේ දක්ෂතා එක ලෙසින් පවත්වාගෙන යෑමේ අරමුණින් මෙම ඔක්තෝම්බර් මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන’ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය වර්තමාන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව තිබේ.
කණ්ඩායම් 4 කගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියේ සෑම කණ්ඩායමක් සඳහාම ජාතික සංචිතයේ සිට පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් ඇතුළත්ව සිටියහ. දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සම දසුන් ශානක විසින් නායකත්වය ලබාදීමට නියමිතව තිබූ මෙම කණ්ඩායම් සියල්ල ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුක්ත වේ.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක් අනුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එහිදී පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර එහිදී ඉදිරියෙන් සිටින කණ්ඩායම් 2 අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතව තිබුණි. තරගාවලි ව්‍යුහයේ ඇති තවත් විශේෂත්වයක් බවට පත්වූයේ තෙවැනි ස්ථානය තේරීම සඳහාද තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබීමය.
මෙම තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි උප සභාපති ජයන්ත ධර්මදාස මහතා, “කොවිඩ් 19 වසංගතයත්සමඟ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්ට තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවක නියැළීමේ අවශ්‍යතාවය තදින්ම දැනිලා තිබුණා. ඒ පිළිබඳව වූ අවශ්‍යතාවය වැටහී යෑම නිසා තමයි අපි මේ වගේ තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කළේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක යළිත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තෙක් මෙම තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළා” යනුවෙන් සඳහන් කර සිටියේය.
කුසල් මෙන්ඩිස් පිල | නිරෝෂන් දික්වැල්ල පිල | දසුන් ශානක පිල | දිමුත් කරුණාරත්න පිල |
ඕෂධ ප්‍රනාන්දු | ධනුෂ්ක ගුණතිලක | ළහිරු තිරිමාන්න | දිමුත් කරුණාරත්න (නායක) |
මිනෝද් භානුක | නිරෝෂන් දික්වැල්ල (නායක) | ළහිරු උදාර | අවිශ්ක ප්‍රනාන්දු |
කුසල් මෙන්ඩිස් (නායක) | දිනේෂ් චන්දිමාල් | කුසල් පෙරේරා | ඇන්ජලෝ මැතිව්ස් |
භානුක රාජපක්ෂ | ධනංජය ද සිල්වා | රොෂේන් සිල්වා | කමිඳු මෙන්ඩිස් |
අශාන් ප්‍රියන්ජන් | සංතුෂ් ගුණතිලක | ඇන්ජලෝ පෙරේරා | සධීර සමරවික්‍රම |
අශේන් බණ්ඩාර | අසේල ගුණරත්න | දසුන් ශානක (නායක) | අකිල ධනංජය |
තිසර පෙරේරා | සුරංග ලක්මාල් | වනිඳු හසරංග | ලසිත් අබේරත්න |
ඩිල්රුවන් පෙරේරා | දුවිඳු තිලකරත්න | දුෂ්මන්ත චමීර | ළහිරු කුමාර |
ලක්ෂාන් සඳකැන් | විශ්ව ප්‍රනාන්දු | ලසිත් ඇඹුල්දෙණිය | නුවන් ප්‍රදීප් |
කසුන් රජිත | ජෙෆ්රි වැන්ඩර්සි | අසිත ප්‍රනාන්දු | මොහොමඩ් ශිරස් |
බිනුර ප්‍රනාන්දු | ළහිරු මධුශංක | රමේෂ් මෙන්ඩිස් | ප්‍රභාත් ජයසූරිය |
චතුරංග ද සිල්වා | දුශාන් විමුක්ති | කවිෂ්ක අංජුල | සඳුන් වීරක්කොඩි |
ඩිල්ශාන් මදුශංක | ලසිත් කෲස්පුල්ලේ | චාමික කරුණාරත්න | කවිඳු නදීශාන් |
සචිඳු කොළඹගේ | අමිල අපෝන්සු | නිපුන් ධනංජය | අෂේන් ඩැනියල් |
ග්‍රාන්ට් ෆ්ලවර්-පුහුණුකරු | ෂේන් මැක්ඩමට්-පුහුණුකරු | රුමේෂ් රත්නායක-පුහුණුකරු | චමින්ද වාස් (පුහුණුකරු) |
රුවින් පීරිස්-ස. පුහුණුකරු | මනෝජ් අබේවික්‍රම-ස. පුහුණුකරු | සජීව වීරකෝන්-ස. පුහුණුකරු | මලින්ද වර්ණපුර-ස.පුහුණුකරු |