slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් වසර 3 කට රෙඩ්බුල් සමඟ එක්වෙයි

Sri Lanka Cricket

2020 සැප්තැම්බර් මස 30 වැනිදා 

ලොව සුපතල ශක්ති ජනක පාන සමාගමක් වන ‘රෙඩ්බුල්’ ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ශක්ති ජනක පාන සහකරු ලෙසින් අනුග්‍රාහකත්වයකට එළැඹ සිටියි. අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන්‘රෙඩ්බුල්’ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම 2020 අගෝස්තු මස 31 වැනි දින කොළඹදී සිදුවිණ.

වසර 3 ක කාලයක් බලපැවැත්වෙන පරිදි අත්සන් තැබුණු මෙම අනුග්‍රාහක ගිවිසුම යටතේ මෙරටදී පැවැත්වෙන ද්වීපාර්ශවික ජාත්‍යන්තර තරගවලදී දෙපිළේම නිල ශක්ති ජනක පානය සපයන්නා ලෙසින් ‘රෙඩ්බුල්’ කටයුතු කරනු ඇති බව 2020 සැප්තැම්බර් මස 30 වැනිදා කොළඹදී පැවැති උත්සවයේදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය. මීට අමතරව අදාළ අනුග්‍රාහකත්වය යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව ඉලක්ක කර ගනිමින් මූල්‍යමය වශයෙන්ද ‘රෙඩ්බුල්’ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දායකත්වය ලබා දෙනු ඇත.

“ලොව පුරා ඇති ක්‍රීඩාවන්හි ක්‍රියාකාරකම් සහ කණ්ඩායම් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන ආයතනයක් වන ‘රෙඩ්බුල්’, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අනුග්‍රාහකත්වයකට පැමිණීම සතුටට කරුණක්” බව මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන විධායක නිලධාරීවරයා, “මෙම හවුල්කාරීත්වය යටතේ හොඳ වටිනාකමක් එකතු කර ගැනීමට ‘රෙඩ්බුල්’ ආයතනයට හැකියාව ලැබේවි. ඒ හරහා ශක්ති ජනක පාන සැපයුම්කරුවන් අතර ‘රෙඩ්බුල්’ ගොඩනංවාගෙන තිබෙන ස්ථාවරත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට අප විශ්වාස කරනවා”යනුවෙනි.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශක්ති ජනක පාන හවුල්කරුවා යන නාමය භාවිතා කිරීමට රෙඩ්බුල් ට අවස්ථාව හිමිවන අතරම, තරග නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් වන ශක්ති ජනක පාන, අළෙවිය සහ බෙදා හැරීමේ අයිතිය ද ‘රෙඩ්බුල්’ සතු වේ.

1987 වසරේ සිට ශක්ති ජනක පාන අතර ප්‍රචලිතව සිටින ‘රෙඩ්බුල්’ මිනිස් ප්‍රජාවට, මානසිකව සහ ශාරිරිකව උත්තේජනයක් ලබාදෙමින් ඔවුන්ගේ අභිප්‍රායන් කරා යෑමට උපරිම දායකත්වයක් ලබා දෙන පානයක් ලෙසින් ප්‍රචලිතව තිබේ. එපමණක් නොව කාන්තා සහ පිරිමි පාර්ශ්වයන්ගේ මනස සහ ශරීරය ක්‍රීඩා පිටියේදී උත්තේජනය වීමට රෙඩ්බුල් උපයෝගී වනවා පමණක් නොව ඒ හරහා ක්‍රීඩාවේ ගනු ලබන තීරණ නිසියාකාරව ගැනීමට රෙඩ්බුල් සන්නාමය දායකත්වයක් ලබා දෙනු ඇත.

අදාළ ගිවිසුම් ගත වීම පිළිබඳව අදහස් දක්වා සිටින හිටපු ටෙස්ට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු මහතා, “ගෙවී ගිය වසර කීපයේදී ශ්‍රී ලංකාව පුරා වූ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් රෙඩ්බුල් දායකත්වය ලබා දී තිබෙනවා” යනුවෙනි. ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන විශ්වවිද්‍යාලාන්තර අතර ක්‍රියාත්මක ක්‍රිකට් තරගාවලියේ ගෝලීය තරගාවලි අධ්‍යක්ෂවරයා ලෙසින්ද කටයුතු කරන කුරුප්පු මහතා, එම තරගාවලියට මෙරටින් ජාත්‍යන්තර වේදිකාවට සාර්ථක ක්‍රීඩකයින් බිහි කිරීම වෙනුවෙන් ‘රෙඩ්බුල්’ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා” යැයි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරි පෙළ පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නකු ලෙස කටයුතු කළ කුරුප්පු මහතා, “රෙඩ්බුල් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් වරක් අත්වැල් බැඳ ගැනීම සැබැවින්ම විශිෂ්ඨ සම්බන්ධතාවයක් වන අතර එය වෙළෙඳ නාම වල ස්ථාවරත්වය ඉහළ යෑමට මෙන්ම ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට ප්‍රයෝජනවත වේවි” යනුවෙන් සඳහන් කර සිටියි.

මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest