slc
Home   |    News
නොවැම්බර් 20, 2020
LPL තරගාවලියේ Bio-Bubble එක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

Sri Lanka Cricket

එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

ඒ අනුව එම ආරක්ෂක වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් ලෙසින් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ජෛව ආරක්ෂිත පරිසරයකට යොමු කෙරෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිශ්චිතව දක්වා ඇති දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

“එල්.පී.එල්. තරග පැවැත්වෙන පරිශ්‍රය තුළ නිර්මාණය කර තිබෙන මෙම ජෛව ආරක්ෂිත පරිසරය ලොව පුරා ඉහළ පෙළේ ලීගයන් ක්‍රීඩා කරනු ලබන පද්ධතියක්. ඒ වගේම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් ද්වී පාර්ශ්වික ක්‍රිකට් තරග පැවැත්වීමේදී භාවිතා කරන්නේ මේ ක්‍රමයමයි” යැයි ජෛව ආරක්ෂිත බුබුල පිළිබඳව එල්.පී.එල්. තරගාවලියේ සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කරන මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

එල්.පී.එල්. තරගාවලියට යොදා තිබෙන ජෛව ආරක්ෂිත පද්ධතියට අනුව තරගාවලියට සහභාගිවන සෑම විදෙස් ක්‍රීඩකයකුටම පැය 72 ක පරතරයකින් යුක්ත වූ පී.සී.ආර්. පරීක්ෂණ 2 කට මුහුණ දීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්ථාව උදාවන අතරම අදාළ පැමිණීමේදී නැවතත් පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දිය යුතු වනු ඇත.

ඒ අනුව තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා පැමිණෙන ක්‍රීඩකයින්ට සමස්ත තරගාවලිය පුරාම අවම වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ 10 කට භාජනය කෙරෙනු ඇත. එපමණක් නොව තරගාවලියේ සංවිධාන කටයුතු සම්බන්ධව පත්කර සිටින නිලධාරීන්ටද පී.සී.ආර්. පරීක්ෂණ ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇත.

අදාළ පරීක්ෂණ වලදී යම් ක්‍රීඩකයකු හෝ නිලධාරියකුට Covid-19 රෝගය ආසාදනය වී ඇති බවට පෙන්නුම් කළහොත්, ඔහු හෝ ඇයව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කොට නම් කරන ලද අතරමැදි සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් වෙත ප්‍රතිකාර සඳහා යොමු කෙරෙනු ලැබේ. එල්.පී.එල්. තරගාවලියේ ආරක්ෂිත භාවය තහවුරු කිරීම වෙනුවෙන් හොඳින් සකස් කරන ලද ජෛව ආරක්ෂිත බුබුලට ස්තූතිවන්නට පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීම හරහා ආසාදනය වූ පුද්ලයාව ඉක්මනින් හඳුනාගැනීමේ හැකියාව උදාවනු ඇත. 

හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති ජෛව ආරක්ෂිත පරිසරය සඳහා සෑම කණ්ඩායමක් ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වෛද්‍යවරුන් 5 දෙනෙකු නම් කර තිබේ. ඊට අමතරව සෙසු පිරිස අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් දෙදෙනෙකුද රාජකාරිවල නියැළී සිටියි. ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍යවරියක වන දමින්දා අත්තනායක මහත්මිය අදාළ වෛද්‍ය කණ්ඩායමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන අතර ජෛව ආරක්ෂිත බුබුලේ ආරක්ෂාව පිළිබඳ වගකීම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබයි. එහි අභ්‍යන්තර වළල්ල යුද හමුදා කමාන්ඩෝ භටයින් විසින් පවත්වාගෙන යෑම මෙහි ආරක්ෂිත භාවය කොතෙක්ද යන්න ප්‍රමාණවත් සාක්ෂි සපයනු ලබයි. 

මෙම තරගාවලිය පවත්වාගෙන යෑම වෙනුවෙන් ක්‍රියාත්මක කොට තිබෙන පද්ධතිය හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ කණ්ඩායම් විසින් අධීක්ෂණය කරනු ලබන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඒ පිළිබඳව සොයා බලනු ලබයි. 

තරගාවලියට සහභාගිවන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සේම රටේ ආරක්ෂාවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැදගත් වේ. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එල්.පී.එල්. තරගාවලිය වෙනුවෙන් පත් කර ඇති වෛද්‍ය කණ්ඩායම ක්‍රිකට් ක්‍රීඩාව නැවත ක්‍රීඩා ලෝලීන් අතරට ගෙන ඒම වෙනුවෙන් දැඩි උත්සාහයක නිරතව සිටින අතර මෙම තරගාවලිය යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකි සෑම අයුරකින්ම උදව් උපකාර කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටීමට මෙය අවස්ථාවක් ක Bio-Bubble රගෙන තිබේ. ‘ක්‍රීඩාව ආරක්ෂිතව ඉදිරියට යා යුතුය’! ශ්‍රී ලංකා ක්‍රිකට්හි පැතුම වේ. 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest