slc
Home   |    News
නොවැම්බර් 18, 2020
LPL ප්‍රධාන අනුග්‍රාහකත්වයට My11Circle පැමිණෙයි

sinhala editor

මෙම මස 26 වැනිදා හම්බන්තොටදී ආරම්භවීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වශයෙන් වූ ගණුදෙණුව සඳහා ඉන්දීය වෙළෙඳ නාමයක් සහිත My11Circle ආයතනය ඉදිරිපත්ව තිබේ. ඉන්දියානු වෙළෙඳපොළේ පවතින මනංකල්පිත ක්‍රීඩා වේදිකා අතර (fantasy sports platforms) ඉදිරියෙන්ම සිටින ආයතනයක් වන My11Circle ආයතනය ඉදිරිපත්වීමත් සමඟ තරගාවලියේ නාමය ” My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලිය ලෙසින් හඳුන්වනු ඇත.

ඉන්දියානු සමාගමක් වන Games24x7 යටතේ පවතින ජනප්‍රිය ක්‍රීඩා වේදිකාවක් වන My11Circle වෙබ් අඩෙවිය 2019 වසරේදී ආරම්භ කිරීමෙන් පසු වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත එරට ෆැන්ටසි ක්‍රීඩා අතර ඉහළම ක්‍රීඩා වේදිකාවක් බවට පත්වීමට සමත්ව තිබේ. ක්‍රීඩකයකුට සෘජුවම කණ්ඩායමක් සකසා ගනිමින් ජනප්‍රිය ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලස්වා දෙන ලද පළමු ෆැන්ටසි වේදිකාවට බවට පත්ව තිබෙන My11Circle හි සන්නාම තානාපතිවරයා වශයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සව්රව් ගංගුලි මහතා කටයුතු කරනු ලබයි.

මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව අදහස් දක්වා සිටින My11Circle හි සන්නාම සහ අළෙවිකරන උපාය මාර්ග අධ්‍යක්ෂ අවික් දාස් කනුගෝ මහතා “අපේ ෆැන්ටසි ක්‍රීඩා වේදිකාව වන My11Circle මේ වන විට ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්ව තිබෙන අතර එය වීරයන් සමඟ ක්‍රීඩා (Play with Champions) කරන වේදිකාව විදියට පොදුවේ හඳුන්වනු ලබනවා. මෙය ක්‍රීඩා ලෝලීන්ට අතරට ගෙන යෑම වෙනුවෙන් අඛණ්ඩව දරන උත්සාහයේ කොටසක් ලෙසින් අපි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සමඟ සම්බන්ධවීමට හැකිවීම ගැන සතුටට පත්වෙනවා. ඒ අනුව My11Circle  LPL තරගාවලිය ඉදිරියේදී ලොව තරගකාරීම ක්‍රීඩා ලීගයන් අතරg එක්වේවි කියලා අපි තරයේ විශ්වාස කර සිටිනවා. මෙම හවුල්කාරීත්වය තුළින් අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ කළාපයෙන් සහ දේශසීමාවෙන් එහාට යමින් වැඩි ක්‍රිකට් ලෝලීන් පිරිසකට  අපේ ෆැන්ටසි ක්‍රීඩාව සන්නිවේදනය කිරීමයි”යි යනුවෙනි.

අදාළ අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්වීම සම්බන්ධව අදහස් දක්වා සිටින එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා, “ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වයට My11Circle පැමිණීම අපි සාදරයෙන් පිළිගන්නවා.  මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසින් පැමිණීමට ඔවුන් දක්වපු කැමැත්ත එල්.පී.එල්. සන්නාමයට හොඳ සාක්ෂියක්” යනුවෙනි. ශ්‍රී ලංකා කිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අවසන් මම තරගයද සමඟ සමස්ථ තරග 23 කින් සමන්විත වේ.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest