slc
Home   |    News
දෙසැම්බර් 3, 2020
අපරාජිත ජැෆ්නා ස්ටැලියන්ස් අංක 1 ට

sinhala editor

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ක්‍රිකට් තරගාවලියේ තරග 8 ක් අවසානයේ එම ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත්වී තිබේ.

මෙතෙක් තරග වැදුණු තරග 3ම ජය ගෙන සිටින ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගාවලියේ රැඳී සිටින එකම අපරාජිත කණ්ඩායම වේ. ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් පෙරමුණේ පසුවන ජැෆ්නා ස්ටැලිය්න්ස් පිළේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය 2.098 ක් ලෙස සටහන් වේ.

මෙතෙක් තරග 3 කට ක්‍රීඩා කර ඇති කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ස් ජයග්‍රහණ 2 බැගින් වාර්තා කොට එම සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවේ. දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 ලෙසින් සටහන් වුවත් දසුන් ශානකගේ දඹුල්ල කිංග්ස්ට වඩා වැඩි ලකුණු වේගයක් රඳවා ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කලම්බු කිංග්ස් පිල සමත්වීම නිසා ඔවුන්ට දෙවැනි ස්ථානය හිමිව තිබේ.

තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කොට ඇත්තේ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු මහනුවර ටස්කර්ස් පිල වේ. ඔවුහු තරග 4 කට සහභාගි වුවද ඉන් ජය ලබා ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර තරග 3 ක් පරාජයට පත්ව තිබේ. පරාජය වූ තරග අතරින් කලම්බු කිංග්ස් පිලට සහ දඹුල්ල වයිකිංග්ස් ට එරෙහි තරග 2 ම දැඩි සටනක් ලබා දෙමින් ජයග්‍රහණයේ අභියසටම පැමිණීම කැපී පෙනුණි.

මෙතෙක් සහභාගි වුණු තරග 3 න් 3 ම පරාජයට පත්ව සිටින ශහිඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු ගොල් ග්ලැඩියේටර් පිල එම සටහනේ අවසන් ස්ථානයේ පසුවේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest