slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2020
දකුණු අප්‍රිකානුවෝ වැඩි වාසිය ගනිති

sinhala editor

සෙන්චූරියාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 225 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 65 ක් තුළදී දවා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු පිල සමත්විය. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට වඩා තවත් ලකුණු 160 ක් පිටුපසින් සිටින්නේය.

ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටින දැවැන්තම ගැටළුව බවට පත්ව සිටින්නේ කණ්ඩායමේ ක්‍රීඩකයින් වැඩි සංඛ්‍යාවක් ආබාධ වලට ලක්ව සිටීමයි. ඒ අතරින් ධනංජය ද සිල්වාට මෙම තරගයේදී යළිත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙන බැවින් දකුණු අප්‍රිකානු පිලට අභියෝගයක් ලබා දීමට සිදුව තිබෙන්නේ ඉතිරි පිතිකරුවන් 7 දෙනා සමඟිනි. කෙසේ වෙතත් වේග පන්දු යවන කසුන් රාජිතගේ සේවය කණ්ඩායමට ලැබීම සම්බන්ධව තවමත් සැක සහිතය.

දෙවැනි ඉනිම ආරම්භයේදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 06 කටද කුසල් මෙන්ඩිස් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ලුංගි න්ගිඩි සමත්විය. මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් දින 2 ක් සිය කඩුලු ආරක්ෂා කර ගැනීම දැඩි අභියෝගයක් වී තිබේ. 5 වැනි පන්දුවාරය වන විට දිමුත් සහ මෙන්ඩිස් නරඹන්නන් බවට පත් වද්දී තරගය නිමා වන තෙක් යවන ලද පන්දුවාර 7 තුළදී කඩුලු ආරක්ෂා කර ගැනීමට සමත් වුණු කුසල් පෙරේරා පන්දු 39 කදී ලකුණු 33 ක්ද දිනේෂ් චන්දිමාල් පන්දු 21 කදී ලකුණු 21 ක්ද ලබා සිව්වැනි දින ආරම්භයේදී පන්දුවට පහර දීමට සූදානමින් සිටිති.

තෙවැනි දිනයේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ ෆෆ් ඩු ප්ලෙසි ශතකයක් වාර්තා කිරීමට සමත්වීමය. සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය මෙන්ම වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කී ඩු ප්ලෙසිස් පළමු ද්විත්ව ශතකය ලබා ගැනීමට එක් ලකුණක් තිබියදී දවා ගැනීමට වනිඳු හසරංග සමත්වූවේය. මිඩ් ඕන් කළාපයේ පන්දු රැකි නායක දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඩු ප්ලෙසිගේ ඉනිම ලකුණු 199 කදී නිමාවට පත්විය. පන්දු 276 කට මුහුණ දුන් ඩු ප්ලෙසිස් තම ඉනිම හතරේ පහර 24 කින් වර්ණවත් කර ගත්තේය.

ඔහුට අමතරව ඩීන් එල්ගාර් (95) ඒඩ්න් මාක්‍රම් (68) සහ ටෙම්බා බවුමා (71) අර්ධ ශතක වාර්තා කරමින් ඉදිරි පෙළ ශක්තිමත් කරද්දී පසුපෙළින් පැමිණි කේෂව් මහරාජ් ලකුණු 73 ක් ලබා ගැනීමට සමත්වීම නිසා දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 621 ක් දක්වා ඉහළ ගියේය.

තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමේ ස්ථානයක් දිනාගත් දසුන් ශානක තෙවැනි දිනයේ පළමු කඩුල්ල දවා ගැනීමට සමත්විය. කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල උඩ පන්දුක් රැක ගැනීම මත ටෙම්බා බවුමා දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්විය. දැවී යෑමට ප්‍රථම ඩු ප්ලෙසිස්ට එක් වූ බවුමා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවීමට දායකත්වය ලබා දුන්නේය. එතැනින් නොනැවතුණු ඩු ප්ලෙසිස් වියෑන් මල්ඩර් සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 77 ක් සහ කේෂව් මහරාජ් සමඟ හත්වැනි කඩුල්ලට ලකුණු 133 ක සම්බන්ධතාවක් පවත්වමින් සත්කාරකයින් ලකුණු පුවරුව පෝෂණය කළහ. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු පිලේ අවසන් කඩුලු 4 ලකුණු 12 ක් ඇතුළතදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දු යැවීමේදී මංගල තරගයට ක්‍රීඩා කළ වනිඳු හසරංග ලකුණු 171 කට කඩුලු 4 ක් සහ විශ්ව ප්‍රනාන්දු සහ දසුන් ශානක කඩුලු 2 බැගින්ද බිඳ හෙලූහ.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 96 කදී ලකුණු 389 යි –  (දසුන් ශානක 66*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, ලුතෝ සිපම්ලා 76/4, වියාන් මල්ඩර් 69/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 12 කදී කඩුලු 2 කට ලකුණු 65 යි – (දිමුත් කරුණාරත්න 06, කුසල් පෙරේරා 33*, කුසල් මෙන්ඩිස් 00, දිනේෂ් චන්දිමාල් 21*, ලිංග් න්ගිඩි 28/2)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 142.1 කදී ලකුණු 621 යි – (ඩීන් එල්ගාර් 95, ඒයිඩන් මාක්‍රම් 68, වැන්ඩර් ඩුසේන් 15, ඩු ප්ලෙසිස් 199, කුවින්ටන් ඩි කොක් 18, 71, වියාන් මල්ඩර් 36, කේෂව් මහරාජ් 73, ඇන්රිච් නෝර්ට්ජ් 00, ලුතෝ සිපම්ලා 00, ලුංග් න්ගිඩි 02*, විශ්ව ප්‍රනාන්දු 129/3, දසුන් ශානක 98/2, වනිඳු හසරංග 171/4, ළහිරු කුමාර 103/1)

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee