slc
Home   |    News
දෙසැම්බර් 22, 2020
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ තෙවැනි පරීක්ෂණයෙනුත් සමත් වෙයි

sinhala editor

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වන පළමු ටෙස්ට් තරගාවලියට සහභාගිවන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබේද යන්න අද (22 දා) උදෑසන කරන ලද පරීක්ෂණයේදී කණ්ඩායමේ කිසිවකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ලබන 26 වැනිදා සෙන්චූරියන්හි ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයට පෙර කණ්ඩායමේ සිදුකරන ලද තෙවැනි පරීක්ණය මෙය වෙයි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සියළු දෙනා ඉකුත් සිකුරාදා දිනයේදී ජෛව ආරක්ෂිත පරිසරයට ඇතුළු කරන ලදුව ඉකුත් 20 වැනිදා ද පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට සූදානම් වීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 19 දෙනා ම හෙට දිනයේදී පූර්ණ කණ්ඩායමක් ලෙසින් සිය පුහුණුවීම් ආරම්භ කරනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දකුණු අප්‍රිකානු කණ්ඩායම – කුවින්ටන් ඩි කොක්, ටෙම්බා බවුමා, ඒඩ්‍රියන් මාක්‍රම්, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගාර්, කේෂව් මහරාජ්, ලුංගි එන්ගිඩි, රසී වැන්ඩර් ඩුසේන්, එන්රිච් නෝර්ට්ජ්, ග්ලෙන්ටන් ස්ටූර්මන්, සරෙල් අර්වී, වියාන් මුල්ඩර්, කයිල් වෙරායින්, මිගෙල් ප්‍රෙටෝරියස්, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ලුතෝ සිපම්ලා, රේනාඩ් වැන් ටොන්ඩර්.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest