slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2020
ප්‍රසාද සටහනේ #1 ට එන සටනේදී ළහිරු-හිමේෂ්- කවිඳු LPL වරම් ලබයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය බවට පත්ව සිටින දඹුල්ල වයිකින්ස් සහ කලම්බු කිංග්ස් අතර තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

කලම්බු කිංග්ස් කණ්ඩායම අද තරගයේදී ඇන්ඩ්‍රෙ රසල් සහ ඉසුරු උදාන විවේක ගන්වමින් අවතීර්ණ වී සිටින අතර එහිදී නවක ක්‍රීඩකයින් දෙපළක් වන ළහිරු උදාර සහ හිමේෂ් රාමනායක කණ්ඩායමට කැඳවා තිබේ. ළහිරු උදාර අවසන් වුණු දේශීය ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරකාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වන්නේය. හිමේෂ් රාමනායක යනු හිටපු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම වේග පන්දු පුහුණුකරුවකු ලෙසින් කටයුතු කළ චම්පක රාමනායක මහතාගේ දෙවැනි පුත්‍රයා වේ. ඔහුද දේශීය තරගාවලියේදී  එස්. එස්. සී, ක්‍රීඩා සමාජය වෙනුවෙන් වේග පන්දු යවන්නකු ලෙස ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්වූ අයෙකි.

දඹුල්ල කණ්ඩායම අද තරගයේදී වෙනස් කම් 5 ක් සිදුකරමින් අවතීර්ණ වුවද මංගල තරග වරම් ලබා ගැනීමට වාසනාවන්තවූයේ කවිඳු නදීෂාන්ය. තවමත් 19 වැනි වියේ පසුවන කවිඳු අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහළින් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබූවෙකි.

මෙම තරගයේ ප්‍රතිඵලය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය වනු ඇත. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ස් ලකුණු 11 ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු පෙරමුණේ පසුවන අතර කලම්බු කිංග්ස් පිල ලකුණු 10 ක් ලබමින් එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.

මෙම තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් කණ්ඩායම බවට පත්ව සිටින ගෝල් ග්ලැඩියේටර් පිල සමඟ අවසන් පූර්ව තරග සටනට සුදුසුකම් ලබනු ඇත. ඒ අනුව දෙවැනි ස්ථානය ගනු ලබන කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවන ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමඟ තරග වදිනු ඇත.

කලම්බු කිංග්ස් – දිනේෂ් චන්දිමාල්, ලෝරී එවන්ස්, ඩැනියල් බෙල්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), තික්ෂිල ද සිල්වා, ළහිරු උදාර, අශාන් ප්‍රියන්ජන්, කේස් අහමඩ්, තරිඳු කෞෂාල්, දුෂ්මන්ත චමීර, හිමේෂ් රාමනායක

දඹුල්ල වයිකින්ස් – උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කවිඳු නඳීෂාන්, පුලින තරංග, ඇන්ජලෝ පෙරේරා, දසුන් ශානක (නායක), සමිඋල්ලා ශින්වාරි, සමිත් පටෙල්, මාලින්ද පුෂ්පකුමාර, අන්වර් අලී, ළහිරු කුමාර

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee