slc
Home   |    News
දෙසැම්බර් 26, 2020
වනිඳු හසරංගට ටෙස්ට් වරම්

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සෙන්චූරියන්හි සුපර් ස්පෝර්ට්ස් පාක් ක්‍රීඩාංගණයේ අද (26 දා) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නාගේ භූමිකාව වනිඳුට හිමිව තිබේ. හසරංග කණ්ඩායමට පැමිණීමත් සමඟ කණ්ඩායමේ ස්ථීර දඟ පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද ලසිත් ඇඹුල්දෙණියට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්‍රීඩකයා බවට පත් වුණු වනිඳුගේ  පැමිණීමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව 8 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.  

මෙම තරගයේදී  වේග පන්දු යවන්නන්ට සහයෝගයක් දක්වනු ලබන කොළ පැහැති තණතීරුවක් බලාපොරොත්තු වුවත් එහි තණකොළ එතරම්ම නොතිබීමද කැපී පෙනුණි. කෙසේ වෙතත් මෙම තරගයට ශ්‍රී ලංකා පිල වේග පන්දු යවන්නන් සිව් දෙනෙකුගෙන් සමන්විතව අවතීර්ණ වී සිටින්නේ පළ පුරුදු පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ගේ සේවය රහිතවය.

ලක්මාල්ගේ ස්ථානය සඳහා කසුන් රජිතව ආදේශ කර තිබෙන අතර ඔහුට අමතරව විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාරගේ සේවය ලබා ගැනීමට කළමනාකාරීත්වයේ අවධානය යොමුවී තිබේ. පිතිකරුවකු වන මඳ වේග පන්දු යැවීමේ හැකියාව ඇති දසුන් ශානකද අද තරගයේදී අවශ්‍ය විටෙක වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කිරීමට සැදී පැහැදී සිටියි.

දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් විසි දෙහැවිරිදි ලුතෝ සිපම්ලා අද තරගයේදී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගෙන සිටියි. වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන සිපම්ලාට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක වියෑන් මුල්ඩර්, ලුන්ගි න්ගිඩි සහ  ඇන්රිච් නෝර්ට්ජ් වේග පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කරති.

ශ්‍රී ලංකා පිල – 1. දිමුත් කරුණාරත්න (නායක), 2. කුසල් පෙරේරා, 3. කුසල් මෙන්ඩිස්, 4. දිනේෂ් චන්දිමාල්, 5. ධනංජය ද සිල්වා, 6. දසුන් ශානක, 7. නිරෝෂන් දික්වැල්ල, 8. වනිඳු හසරංග, 9. කසුන් රජිත, 10. විශ්ව ප්‍රනාන්දු, 11. ළහිරු කුමාර.

දකුණු අප්‍රිකා පිල – 1.එයිඩන් මාක්‍රම්, 2. ඩීන් එල්ගාර්, 3. රසී වැන්ඩර් ඩුසේන්, 4.ෆෆ් ඩු ප්ලෙසිස්, 5.ටෙම්බා බවුමා, 6.කුවින්ටන් ඩි කොක්, 7.වියෑන් මුල්ඩර්, 8.කේෂව් මහරාජ්, 9. ඇන්රිච් නෝර්ට්ජ්, 10. ලුතෝ සිපම්ලා, 11. ලුංගි න්ගිඩි

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest