slc
Home   |    News
දෙසැම්බර් 17, 2020
21 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පිල හෙට දකුණු අප්‍රිකාවට

sinhala editor

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම හෙට (18 දා) උදෑසන දකුණු අප්‍රිකාව බලා පිටත්ව යනු ඇත. මෙම සංචාරයට සහභාගිවන කණ්ඩායමම ලබන ජනවාරි මසදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහාද ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය ඉලක්ක කර ගනිමින් එල්. පී. එල්. තරගාවලියේ ආරම්භයට පෙර මෙම සංචිතය පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී දින 10 ක පුහුණු සැසියකට සහභාගි වුණු අතර ඒ අතරින් ඇන්ජලෝ මැතිව්ස් පමණක්  හෙට පිටත්වන කණ්ඩායමෙන් ඉවත්වී සිටියි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී පාදයේ ආබාධයකට මුහුණ දීමට සිදුවීම නිසා මැතිව්ස්ට මෙම ටෙස්ට් තරග 2 ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. කෙසේ වෙතත්එං එළැඹෙන ජනවාරි මස එංගලන්ගතය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරග සංචාරය සඳහා මැතිව්ස් ඇතුළත්ව සිටියි.

ඒ අනුව හෙට පිටත්ව යන 21 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනූ වනිඳු හසරංගවද එක් කර තිබීම කැපී පෙනෙයි. ඔහුට අමතරව වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය සහ ඩිල්රුවන් පෙරේරා දඟ පන්දු යවන්න්න ලෙසින් කණ්ඩායමට එක්ව සිටියි.

2019 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංතාරය 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය වාර්තා කරන ලද තරගාවලිය තම මංගල තරග සංචාරය කරගත් ලසිත් ඇඹුල්දෙණිය කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 23.83 ක් රඳවා තබා ගනිමින් කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත්වීම එම තරගාවලියේ කැපී පෙනිණ. වේග පන්දු යවන්නන්ට උචිතව හැසිරෙන දකුණු අප්‍රිකානු තණතීරුවලදී දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් මෙම තරගාවලියේදී අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතර ස්ථානයක් ඇඹුල්දෙණිය වෙනුවෙන් වෙන්වනු ඇත.

ටෙස්ට් තරග සංචාරයක් සඳහා වන සංචිතය උපරිමය ක්‍රීඩකයින් 16 දෙනෙකු වුවත් කොව්ඩි 19 තත්ත්වය හේතුවෙන් වූ නීරෝධායන පිළිවෙත් හේතුවෙන් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙකු රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. යම් ලෙසකින් තරගාවලිය ඇතුළත ක්‍රීඩකයින් ආබාධයන්ට ලක් වුවහොත් නීරෝධායන සම්පූර්ණ කළ ක්‍රීඩකයින්ගෙන් කෙනෙක් ඒ සඳහා ආදේශ කිරීමේ අරමුණ ඇතිව මෙම තරගාවලියට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත්ව සිටිති.

නම් කරන ලද කණ්ඩායමට වේග පන්දුයවන්නන් 7 දෙනෙකු ඇතුළත් වන අතර 2019 තරගාවලියට ඇතුළත්වසිටින පිතිකරුවන් සියල්ලම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. සුරංග ලක්මාල්, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, අසිත ප්‍රනාන්දු සහ හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් පැමිණ සිටින ඩිල්ෂාන් මදුශංක වේග පන්දු යවන්නෝ වෙති.

ඇඹුල්දෙණිය මෙන්ම 2019 වසරේදී ටෙස්ට් වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දුද මෙම කණ්ඩායමට ඇතුළත් වුවත් එල්.පී.එල්. තරගාවලිය අතරතුර මුහුණ දුන් වළලු කරට ආබාධය තවමත් සුව අතට පත් නොවීම නිසා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවනු ඇත. ඕෂධට අමතරව නායක දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක කණ්ඩායමට ඇතුළත්ව සිටින ප්‍රධානම පිතිකරුවෝ වෙති. දේශීය තරගවලදී දස්කම් දැක්වීමට සමත් මිනෝද් භානුක සහ සංතුෂ් ගුණතිලකද පිතිකරුවන් ලෙසින් කණ්ඩායමට එක්ව සිටිති.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රජිත, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest