slc
Home   |    News
ජනවාරි 8, 2021
අකිල ධනංජයගේ ජාත්‍යන්තර තහනම ඉවතට

sinhala editor

මෑත කාලීන ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් අතර ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව සිටින අකිල ධනංජයගේ නව පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට පරීක්ෂණවලින් තහවුරු වීම මත ඔහුට එරෙහිව පනවා තිබූ ජාත්‍යන්තර තරග තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (08 දා) පියවර ගත්තේය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 2019 වසරේ අගෝස්තු මසදී ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුරදී අකිලගේ පන්දු යැවීම නීත්‍යානුකූල නොවන බවට එම තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කරන ලද මයිකල් ගෆ් සහ රිචර්ඩ් ඉලිංවර්ත් පැමිණිලි කරන ලදුව සිය නිර්දෝෂී භාවය සනාථ කිරීමට නොහැකි වීම මත එම සැප්තැම්බර් මස සිට වසරක කාලයක් අකිල ජාත්‍යන්තර තරග තහනමක් පැනවිණ.

කොවිඩ් 19 වෛරස් තත්ත්වය හේතුවෙන් සංචරණ සීමා පැනවී ඇති බැවින් අකිලගේ නිර්දෝෂී භාවය නිරීක්ෂණය විශේෂ කමිටුවක් වෙත භාර දීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගනු ලැබීය. නව පන්දු යැවීමේ ඉරියව් ඇතුළත් වීඩියෝ දර්ශණ එම කමිටුවේ අවධානයට යොමු කරන ලද අතර අකිලගේ පන්දු යවන අතේ වැළමිට, පන්දු යැවීමේ නීතියට අනුව ලබා දී තිබෙන අංශක 15 ඇතුළත පවතින බවට එම කමිටුව නිඟමනය කර තිබේ.

ජාත්‍යන්තර තරග තහනමක් අකිලට එරෙහිව පැවැතුණිද දේශීය තරගවලට තරග කිරීමේ අවස්ථාව අකිලට විරෝධයක් නොතිබූ හෙයින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය මෙන්ම අති සාර්ථකව අවසන් වුණු එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අකිලට උදාවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest