slc
logo
Home   |    News
ජනවාරි 6, 2021
අලී-වෝක්ස් නැතුව එංගලන්තය අද වැඩ අල්ලයි

sinhala editor

ජනවාරි 03 වැනිදා ශ්‍රී ලංකාවට ගොඩ බැසීමෙන් අනතුරුව නීරෝධායන කාල සීමාව අවසන් කළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (06 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී සිය පළමු පුහුණු සැසිය සඳහා සහභාගිවූහ.

තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීට කොවිඩ් වෛරසය වැළඳී තිබෙන බවට තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පී. සී. ආර්. පරීක්ෂණයන් වලදී සෙසු ක්‍රීඩකයින්ගේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් ඔවුන්ට අද දිනයේදී ක්‍රීඩාංගණයට ගොස් තරග කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ අවසරය හිමිවිය.

කෙසේ වෙතත් මොයින් අලීට අමතරව ඔහු සමඟ බර්මිංහැම් සිට හීත්‍රෝ ගුවන් තොටුපොළ දක්වා එකම මෝටර් රථයේ ගමන් කළ කළ ඇතැයි පැවසෙන ක්‍රිස් වෝක්ස්ද ස්වයං නීරෝධායනයට ලක් කර තිබීම නිසා අද පැවැති පුහුණු සැසිය ඔහුට මඟ හැරී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි ලබන 14 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගිවීම සඳහා අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙක්ද සහිතව එංගලන්ත කණ්ඩායම ක්‍රීඩකයින්  23 න් දෙනකුගෙන් සමන්විතය.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee