slc
Home   |    News
ජනවාරි 30, 2021
අසත්‍ය ප්‍රචාරණ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පැහැදිළි කිරීම

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනයයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි.

ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය කිසියම් පාර්ශ්වයක් විසින් ගොතන ලද අසත්‍ය තොරතුරක් බවත් වැඩිදුරටත් සඳහන් සඳහන් කර සිටින්නෙමු.

විවිධ ජාතීන්ගෙන් පිරී තිබෙන රටක් වන ශ්‍රී ලංකාවේ ජාතීන් සියල්ල එකතු කරනු ලබන සුවිශේෂී අවස්ථාවෙක් වේ නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාව පමණි. මන්ද යත් ක්‍රිකට් ක්‍රීඩාව යනු සෑම ශ්‍රී ලාංකිකයකු තුළම නොමියෙන ප්‍රේමයක් දෝර ගලන ක්‍රීඩාවක් බවට සහ ජාතීන්ගේ ආශාවක් සඵල වන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබෙන බැවිනි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල තේමා පාඨය පවා සකස් වී ඇත්තේ එයට ගරු කිරීමක් වශයෙන් බව මේ අවස්ථාවේදී මතක් කර දීමට කැමැත්තෙමු. “එකම කණ්ඩායමක් එකම ජාතියක් (One Team One Nation) යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේමා පාඨය සැකැසී ඇත්තේ ජාතීන් අතර වූ සහයෝගීතාවය පිළිබිඹුවීම මුල් කොට ගෙනය. 

කණගාටුවට කරුණ වන්නේ එවන් උත්තරීතර තැනක තිබෙන ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව, කිසිදු සත්‍යතාවකින් තොර වූ චෝදනා එල්ල කරනු ලබන පිරිස් වලට අමතක වීමය. එබැවින් මින් ඉදිරියට එවැනි චෝදනා කිරීමෙන් වැළකී සිටින ලෙස එම පිරිස් වෙතින් කාරුණිකව ඉල්ලා සිටීමට මෙය අවස්ථා කරගන්නෙමු. 

1996 වසරේදී අපි ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්නා විටත් 2014 දී විස්සයි-20 ලෝක කුසලානය දිනා ගන්නා විටත්, අවස්ථා ගණනාවක ලෝක අනුශූරයින් ලෙස පත් වන විටත් පස් වතාවක් ආසියානු කුසලාන ජයග්‍රහණය කරන විටත් මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආදරය සහ සෙනෙහස හදවතින්ම විඳ ඇත්තෙමු. එම ආදරය සහ සෙනෙහස අතරින් සෑම තරාතිරමක්ම නියෝජනය වන පරිදි වූ ක්‍රීඩකයින්ට කිසිදු වෙනස් කමක් සිදු නොකරමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩ හසර විවර කර දුන් අතර එහිදී ඇතැමුන් ජාත්‍යන්තරයේ ශ්‍රෙෂ්ඨයින් බවට පත්ව ඇති බව මේ රටේ ජනතාව හොඳින්ම දන්නා කරුණකි. 

කිසිදු වෙනස්කමකින් තොරව සෑම දෙනාටම එකසේ විඳිය හැකිවන පරිදි ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යෑම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සකස් කොට ඇති වෙනස්කම් කොට සැලකීමේ විරෝධී ප්‍රතිපත්තියට අනුකූලව නිරන්තයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලබන බව සඳහන් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතරම,  ජාතිය, වර්ණය, ආගම, සම්භවය, සංස්කෘතිය, ජනවාර්ගික සම්භවය, ජාතිකත්වය, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික දිශානතිය, අබාධිත භාවය, විවාහක අවිවාහක තත්ත්වය මෙන්ම මාතෘත්වය පිළිබඳවද කිසිදු වෙනස්කමක් නොකිරීමට අප වගා බලා ගන්නා බව සඳහන් කර සිටින්නේ ඉතාමත් වගකීමෙනි. 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුද්ගලයකුටම තමන් කැමැති ආගමක් ඇදහීම සඳහා ලබා දී ඇති නිදහසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශය ගෞරවය කර සිටින අතරම ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිදු කටයුත්තක් සඳහා කිසිදු පුද්ගලයකුගේ ආගමක් හෝ ඔහු හෝ ඇය විශ්වාස කරන දේ කිසි විටෙකින්වත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලකිල්ලට නොගනනු ලබන බව මේ අවස්ථාවේදී සඳහන් කර සිටීමට කැමැත්තෙමු. 

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු කිසිදු ආගමික කණ්ඩායමක න්‍යාය පත්‍රයකට අනුව කටයුතු නොවන ආයතනයක් බව මේ අවස්ථාවේදී යළිත් මතක් කර සිටින අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආදරණීය රසිකයන් මෙන්ම ජනතාවට නැවතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වටා එක් රොක් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය – අපි සාදරයෙන් ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest