slc
Home   |    News
ජනවාරි 13, 2021
එංගලන්තයට එරෙහි සටනට යන ශ්‍රී ලංකා සංචිතයට අලුතින් 5 ක්

sinhala editor

සංචාරක එංගලන්ත පිලට එරෙහිව හෙට (14 දා) ඇරඹෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත ශ්‍රී ලංකා සංචිතය සඳහා දකුණු අප්‍රිකානු තරග සංචාරයට ඇතුළත් නොවුණු ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එම ක්‍රීඩකයින් පස්දෙනා අතර ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් ඉවත් වුණු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ද නම් කර තිබේ.

එල්.පී.එල්. තරගාවලියේ පරිදිම ක්‍රීඩකයින් සහ ඔවුන් සමඟ ගනුදෙනු කරනු ලබන නිලධාරීන් සියල්ලම ජෛව ආරක්ෂක පරිසරයකට යොමු කරමින් පැවැත්වෙන මෙම තරගාවලියේදී වේග පන්දු යවන නුවන් ප්‍රදීප්, මැද පෙළ පිතිකරු රොෂේන් සිල්වා, දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සහ වමතින් දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් අලුතින් ජෛව බුබුලට එක්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

දකුණු අප්‍රිකානු තරගාවලියේදී ආබාධ වලට ගොදුරු වුණු ධනංජය ද සිල්වා සහ කසුන් රජිතට මෙම තරගාවලිය අහිමි වන අතර අත්දැකීම් ලබා දීමේ අරමුණින් දකුණු අප්‍රිකානු තරග සංචාරයට එක් කොට තිබුණු හුංගම විජයබා විදුහලේ ඩිල්ෂාන් මධුශංක සහ ඉදිරි පෙළ පිතිකරු සංතුෂ් ගුණතිලකද සංචිතයෙන් ඉවත් කර තිබේ.

දකුණු අප්‍රිකානු තරග සංචාරයේදී ආබාධ වලට ලක් වුණු දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, ඕෂධ ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එම ආබාධවලින් පූර්ණ සුවය ලබා සිටීම නිසා කණ්ඩායමේ රැඳී සිටීමට වරම් උදාකරගෙන තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද සංචිතය සඳහා මැණික් කටුව ආශ්‍රිත ප්‍රදේශය උපයෝගී කර ගනිමින් පන්දු යැවීමට සමත්කමක් දක්වන ලක්ෂාන් සඳකැන් සහ දකුණතු පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් නම් කිරීම නිසා ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන බල ඇණිය පස් දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහිව තරග 2 ටම ක්‍රීඩා කළ එකම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය සංචිතයේ සිටින සෙසු දඟ පන්දු යවන්නෝ වෙති.

දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වේග පන්දු යවන්නන් 7 දෙනෙකු කැටුව ගිය අතර මෙම තරගාවලියේදී එය 6 දක්වා අඩුවී තිබේ. අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර සංචිතයේ පසුවන ප්‍රධාන වේග පන්දු යවන්නන් වන අතර මැද පෙළ පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කරන දසුන් ශානකද මඳ වේග පන්දු යවන්නකු ලෙසින් දක්ෂතා දැක්වීමට සමත්ව සිටින බැවින් කණ්ඩායමේ සංයුතිය සකස් කිරීම තේරීම් කමිටුව පහසු කරවන්නක් වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, අසිත ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest