slc
logo
Home   |    News
ජනවාරි 3, 2021
එංගලන්ත පිල අද ශ්‍රී ලංකාවට

sinhala editor

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවීමට නියමිත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (03 දා) ශ්‍රී ලංකාවට ගොඩබැස්සේය. ‍ක්‍රීඩකයින්ද ඇතුළුව 44 දෙනෙකුගෙන් යුත් එංගලන්ත කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් උදෑසනදී ශ්‍රී ලංකාවට පැමිණියේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාව වෙත පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ සාමාජිකයෝ, එම ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකට මුහුණ දුන්හ. කණ්ඩායමේ කිසිවකුත් කොවිඩ් 19 වෛරසය ආසාධිතයින් නොවුණු බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් සියල්ල හම්බන්තොට ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රය වෙත පිටත් කර යැවිණ.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුතු එංගලන්ත කණ්ඩායම සහභාගිවන ටෙස්ට් තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරගය ජනවාරි 24 වැනිදා ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]
  • මල්කිගේ මංගල දක්ෂතා ශ්‍රී ලංකාවට ජය විවර කර දෙයි
    තමන් සහභාගිවූ මංගල පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගයේදීම දක්ෂතා අතරට පැමිණීමට සමත් මඳ වේග පන්දු යවන්නියක වන මල්කි මදරා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂ පන්දු යැවීම ප්‍රධාන කොට නවසීලන්ත කාන්තා […]
  • අවිශ්කගේ ප්‍රහාරයෙන් කොළඹ ලකුණු පුවරුව ඉහළ යයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ යාපනය පිලට එරෙහිව පන්දු 164කදී හයේ 2ක් හා හතරෙ […]
  • ගාල්ල පිල කඩුලු 4කට ලකුණු 336ක් ලබා ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් […]

Pin It on Pinterest

USD United States (US) dollar