බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය ඉලක්ක කර ගනිමින් සාමාජිකයින් 22 කගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.
ජාතික සංචිතවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩකයින්ව නිරන්තරයෙන්ම පී. සී. ආර්. පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එසේ ඉකුත් 20 වැනිදා සිදුකරන ලද පරීක්ෂණයේදී මෙම ක්‍රීඩකයින් දෙපළට වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙස එම ක්‍රීඩකයින්ව දැනුම්වත් කර තිබේ. මෙම සංචිතය ඉකුත් 18 වැනිදා දින කොළඹ එස්. එස්. සී. පිටියේදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර 20 වැනි දින පළමු පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර තිබේ. ඒ අනුව සාමාන්‍ය පරීක්ෂණ ක්‍රියාවලියට අනුව සංචිතයේ පසුවන සෙසු ක්‍රීඩකයින් සඳහා වන මීළඟ පී.සී.ආර්. පරීක්ෂණය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.