slc
Home   |    News
ජනවාරි 21, 2021
එක්දින සංචිතයේ සිටි ක්‍රීඩකයින් 2 කට කොවිඩ් ආසාදනය වෙයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය ඉලක්ක කර ගනිමින් සාමාජිකයින් 22 කගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි වේග පන්දු යවන බිනුර ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බවට තහවුරු වී තිබේ.

ජාතික සංචිතවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින්ගේ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව අවධානය යොමු කරමින් ක්‍රීඩකයින්ව නිරන්තරයෙන්ම පී. සී. ආර්. පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එසේ ඉකුත් 20 වැනිදා සිදුකරන ලද පරීක්ෂණයේදී මෙම ක්‍රීඩකයින් දෙපළට වෛරසය ආසාදනය වී තිබෙන බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොරෝනා වැළඳීමේදී රජය විසින් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය නීති අනුගමනය කරමින් කටයුතු කරන ලෙස එම ක්‍රීඩකයින්ව දැනුම්වත් කර තිබේ. මෙම සංචිතය ඉකුත් 18 වැනිදා දින කොළඹ එස්. එස්. සී. පිටියේදී සිය පුහුණුවීම් ආරම්භ කළ අතර 20 වැනි දින පළමු පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර තිබේ. ඒ අනුව සාමාන්‍ය පරීක්ෂණ ක්‍රියාවලියට අනුව සංචිතයේ පසුවන සෙසු ක්‍රීඩකයින් සඳහා වන මීළඟ පී.සී.ආර්. පරීක්ෂණය ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest